Total Pageviews

Monday, July 17, 2017

මළ මුහුද පිළිබඳව වැදගත් කරුණු කිහිපයක්.......




නැගෙනහිර ජෝර්දානයට මායිම්ව හා බටහිරින් ඊශ්‍රායලයට මායිම්ව පිහිටා තිබෙන මළ මුහුද,ලුණු මුහුද ලෙසද හැඳින්වේ. එය පෘථිවියේ ඇති අද්විතීය ස්ථානවලින් එකක් ලෙස හැඳින්විය හැකිය.මෙහි ගැඹුර අඩි 1237( මීටර 337ක්) පමණ වන අතර,මෙය අධික ලවණතාවකින් ද සමන්විත වේ. මෙහි සෝඩියම් ක්ලෝරයිඩ් හා වෙනත් ඛනිජ ලවණද සැලකිය යුතු සාන්ද්‍රණයක් අඩංගු බවට සොයාගෙන තිබේ.මෙහි පළලින් වැඩිම තැන කිලෝමීටර 18ක් හා දිගින් වැඩිම තැන කිලෝමීටර 67ක් වේ. එය ජෝර්දාන් Rift නිම්නය තුල පැවති.මළ මුහුදේ ප්‍රධාන අතු ගංගාව වන්නේ ජෝර්දාන් නදියයි. මළ මුහුදේ අසාමාන්‍ය ලුණු සාන්ද්‍රණය හේතුවෙන් මිනිසුන්ට එහි පහසුවෙන් පාවිය හැකිය.
අනෙක් සාගර වලට වඩා දළ වශයෙන් 8.6 ගුණයක් ලවණතාවයෙන් වැඩිය. මෙය එක්සත් ජනපදයේ ඌටා හි Great Sail Lakeට සමාන වේ. ලෝකයේ ලවණතාවයෙන් වැඩිම මුහුද ලෙස මෙය හඳුන්වයි. ඒ මෙහි මුහුදු ජලය සමග 33.7% ලවණ මිශ්‍ර වී තිබීම හේතුවෙනි. මෙහි ඇති අධික ලවණ සාන්ද්‍රණය නිසාවෙන් බැක්ටීරියා වර්ගවලට හැර එහි කිසිදු ජීවියෙකුට හෝ පැළෑටියකට ජීවත්වීමට හැකියාවක් නොපවතී. “මළ මුහුද” ලෙස නම් වීමටද හේතු වී ඇත්තේ එම කරණාවමය.
ඖෂධීය ගුණය අතින් ගත් විට මළ මුහුදට දිගු ඉතිහාසයක් තිබේ.මෙහි ඇති මඩවල සුවපත් කිරීමේ සුවිශේෂී ගුණයක් ඇති සැලකේ. එබැවින් ඇරිස්ටෝටල් ,සලමොන් රජු හා ක්ලියෝපැට්රා රැජින පවා අතීතයේ තම නිරෝගී භාවය රැක ගැනීමට මළ මුහුදේ ජලය සහ මඩ භාවිත කළ බව සඳහන් වේ.
මළ මුහුදේ වත්මන් අනුපාතය පහත වැටීම දිගටම සිදු වුවහොත් එය වසර 2050 වනවිට අතුරුදහන් වනු ඇති බවට ජෝර්දානයේ පරිසරවේදීන් අනතුරු අඟවා තිබේ.

(උ.ගැ.)

Liberty Island දුපතේ පිහිටි ලිබර්ටි ප්‍රතිමාව



නිව්යෝර්ක් හි වරාය මධ්‍යයේ පිහිටි Liberty Island නම් කුඩා දුපතක නිමවා තිබෙන ලිබර්ටි ප්‍රතිමාව(Statueof Liberty) ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික සිහිවටනයක් ලෙස සලකනු ලබයි. ඇමරිකා විප්ලවය සමයේ ප්‍රංශය හා ඇමරිකාව අතර ඇති වූ මිතුදම සංකේතවත් කිරීම සඳහා 1866 ඔක්තෝබර් 28 දින ප්‍රංශය විසින් ඇමරිකාවට මෙය ප්‍රදානය කර තිබේ.මෙය ෆෙඩ්රික් ඕගස්ට් බර්තෝල්ඩ් නම් වූ ප්‍රංශ ජාතික මුර්ති ශිල්පියා විසින් නිර්මාණය කරන ලද්දකි. මෙහි පාදස්තලය සෑදීමේ වගකීම ඇමරිකාවට පැවරුණු අතර,ප්‍රතිමාව නිර්මාණය කිරීමට ප්‍රංශයට පැවරුණි. ප්‍රතිමාව ප්‍රංශයේදී කොටස් වශයෙන් නිපදවා ඇමරිකාවේදී එකලස් කිරීමට තීරණ කෙරිණි. මේ සඳහා අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන සොයා ගැනීමට දෙරටටම මහත් වෙහෙසක් දැරීමට සිදු වූ අතර , ඒ සඳහා ලොතරැයි දිනුම් ඇදීම,කලා ප්‍රදර්ශන පැවැත්වීම, භාණ්ඩ වෙන්දේසිය ආදිය සිදුකෙරිණි.

බර්තෝල්ඩ් (Bartholdi) මහතාට ප්‍රතිමාව නිම කිරීමේ කටයුතු සඳහා සුප්‍රකට ප්‍රංශයේ අයිෆල් නිර්මාණකරු වූ ගස්ට්වේ අයිෆල්(Gustvave Eiffel) මහතාගේ සහය ද හිමිවිය. මෙය 1884 ජූලි මාසය වනවිට ප්‍රංශයේදී සාදා නිමකරන ලද අතර, එය කොටස් 350කත පමණ වෙන්කර ලෑලි පෙට්ටි 214ක බහා නැව් මාර්ගයෙන් 1885 ජූලි මාසයේදී නිව්යෝර්ක් නගරයට ගෙන ආවේය. 1886 අප්‍රේල් මාසය වනවිට මෙහි පාදමද සාදා නිම කෙරුණි. ඉන්පසු ඒ මත ප්‍රතිමාව එකලස් කිරීම ඇරඹුණි. 1886 ඔක්තෝබර් 28 දින මහත් උත්සවශ්‍රීයෙන් ලිබර්ටි ප්‍රතිමාව විවෘත කෙරිණි.
ලිබර්ටි ප්‍රතිමාව පොළොවේ සිට මුදුනත ගිනිසිළුව දක්වා සම්පුර්ණ උස අඩි 305 අගල් 1 (මීටර 93) පමණ වේ.අභ්‍යන්තර සැකිල්ල ලෝහයෙන් සාදා ප්‍රතිමාව මිලිමීටර 2.5 පමණ ඝනකම් කෝපර් (cooper) ලෝහයෙන් නිමවා තිබේ. ලිබර්ටි ප්‍රතිමාව කොළ පැහැයක් ගන්නේ මෙම කෝපර් ලෝහය නිසාවෙනි.මෙම ප්‍රතිමාවෙන් රෝම දෙවගනක් වන නිදහසේ දෙවගන නිරුපනය වන බව සැලකේ. දකුණත රැඳී ගිනි සිලුවෙන් අවබෝධයත් වමත රැඳී පොතෙහි ඇමරිකාවේ නිදහස් කෙටුම්පත සකස්කළ දිනය වූ 1776 ජූලි 4 දින කොටා තිබෙන අතර ,පාදයේ ඇති බිඳී දම්වැල මගින් කෘර පාලනයෙන් සහ වහල් බැවින් සංකේතවත් වන බව පැවසේ.

                                                                                                         (උ.ගැ.)


Tuesday, July 11, 2017

ඔබත් “ආමවාතය” රෝගයෙන් පෙලෙන්නේද? එසේනම් මෙන්න එයට විසදුම්




උදරයේ ඇතිවන රෝග තත්වයන් අතුරෙන් බොහෝදෙනෙක් පීඩාවිදින රෝගයක් ලෙස “ආමවාතය” හඳුන්වා දිය හැකිය. මෙය“ගැස්ට්‍රයිටිස්” ලෙස හඳුන්වන අතර බෝනොවන රෝග අතරෙන් ගැස්ට්‍රයිටිස් වලට ප්‍රමුඛ ස්ථානයක් හිමිවේ. මෙය බඩේගෑස්, ගෑස්ට්‍රික්,බඩේ ඇසිඩ්,ආමවාතය යන විවිධාකාර වූ නම්වලින් හඳුන්වනු ලැබේ. පොදුවේ ගත්කල මේ සියල්ලේම තේරුම වන්නේ පුද්ගලයකුගේ අමාශයේ හෝ බඩවැල් කොටසේ අධික ආම්ලිකතාව නිසා තුවාල හට ගැනීමයි. පහත ක්‍රම අනුගමනය කිරීමෙන් මෙම රෝගයෙන් වැළකීමේ හැකියාව පැවති.

නිවැරදි ක්‍රමවලට ආහාර  ගැනීමට හුරුවීම

බොහෝදෙනා හුරු වී තිබෙන්නේ ඉතා විශාල ප්‍රමාණයන්ගෙන් ආහාර වේල් තුනක් ලබාගැනීමටයි. නමුත් මෙය වැරදි පුරුද්දකි. ඔබට බඩගිනි දැනෙන විට කුඩා ප්‍රමාණයන්ගෙන් ආහාර නිතර ගැනීම සුදුසු ක්‍රමය වේ. මෙමගින් අමාශයේ ඇති අම්ලය මගින් ආමාශ බිත්තියට සිදුකරනු ලබන හානිය අවම වේ. අප ආහාර වේල් තුනක් ලබාගැනීමට පුරුදු වී සිටිනමුත් ආහාර ප්‍රමාණය අඩුකර ඒ වෙනුවට ආහාර වේල් 05ක් ලබාගැනීමට සුදුසු වේ.නිවැරදි ආහාර රටාව යටතේ ඔබ අවම වශයෙන් නින්දට පැය 03කටවත් කලින් අහර අනුභව කිරීම සිදුකල යුතුය.

සමබර ආහාරවේලක් ගැනීම

සමබර ආහාරවේලක් යනු සියලුම පෝෂ්‍ය පදාර්ථයන්ගෙන් සමන්විත ආහාරවේලකි. මාංස,එළවලු, ධාන්‍ය මෙන්ම පලා වර්ගයක්ද එකතු කිරීමෙන් සමබර ආහාරවේලක් සකස් කරගත හැකිය.

ස්ථුලතාව අඩුකර ගැනීම

අධික ස්ථුලතාවය රෝග රැසකට අත වැනීමකි. මෙහිදී අධික ස්ථුලතාවය අමාශයේ තුවාල ඇතිවීමට ප්‍රධාන වශයෙන් හේතු විය හැකිය. ආමාශ බිත්තියේ ඝනකම වැඩිවීමෙන් උදර කුහරයේ අභ්‍යන්තර පීඩනය වැඩි වී ආමාශය උරස් කුහරයට තල්ලුවිමක් විය හැකිය. එවිට ආමාශයෙන් පිටතට හයිඩ්රෝක්ලොරික් අම්ලය ගලාගෙන යාම වැලක්වීමට ඇති කපාට බුරුල් වී උදරය හා පපුව දැවිල්ල ගන්නා “රිෆ්ලික්ස්” තත්ත්වය ඇති වේ. මෙය වැඩි වූ විට ආමාශය ඉහළට තල්ලු වී පෙනහලු තෙරපීම නිසා නිදාගැනීමටත් අපහසු විය හැකිය. එබැවින් BMI අගය (උසට සරිලන බර ) නියම ප්‍රමාණයෙන් පවත්වා ගැනීම සඳහා සුදුසු ව්‍යායාමයන් ආදිය කළ යුතු වේ.

දෑත් පිරිසිදුව තබා ගැනීම.

ආහාර ගැනීමට ප්‍රථම හා ආහාර ගැනීමෙන් පසුව පුරුද්දක් ලෙස හොඳින් සබන් යොදා දෑත් පිරිසිදු කරගත යුතු වේ.මෙලෙස කිරීමෙන් අපගේ ශරීරයේ ලෙඩ රෝග බෝ කරනු ලබන “හෙලිකොබැක්ටර් පයිලොරි”නම් ගැස්ට්‍රයිටිස් ඇති කරනු ලබන බැක්ටීරියාවන් විනාශ වීම සිදු වේ.

ආහාර හොඳින් විකා ගිලීම

බොහෝදෙනා ඉක්මනින් ආහාර ගැනීමට පුරුදු වී සිටි. මෙහි දී සිදුවන්නේ ආහාරයන් නිසි පරිදි විකා නොගිලිමයි. මෙයත් ගැස්ට්‍රයිටිස් රෝගයට ඇත වැනීමකි.දත් මගින් සිදුකරනුයේ අප මුඛයට ගනු ලබන ආහාරයන් කුඩා කොටස්වලට කඩා දීමයි. මෙය අනිවාර්යයෙන්ම මුඛයේදී සිදුවිය යුතුම දෙයකි. මෙලෙස මුඛයෙන් සිදුවිය යුතු කාර්යය නිසිලෙස සිදු නොවීම නිසා ආමාශයට එම කාර්යය කිරීමට සිදු වේ.
මෙලෙස නිසිලෙස සපන්නේ නැතිව ආමාශය කරා යනු ලබන ආහාරයන් දිරවීමට ආමාශය තුළ වැඩිපුර හයිඩ්රෝක්ලොරික් අම්ලය ඉහල යාම නිසාම ආමාශයේ ඇති ශ්ලේශ්මල පටල තුවාල වීමේ ප්‍රවනතාවයක් ඇතිවේ. මේ නිසා ආහාර නිසි පරිදි විකා ගිලීම මගින් ගැස්ට්‍රයිටිස් අවදානම අඩුකර ගත හැකිය.

දුම්පානය හා මත්පැන් පානයෙන් වැලකීම
මත්පැන් හා දුම්පානය නිසාවෙන් ආමාශයේ ආම්ලික ස්‍රාවය හෙවත් හයිඩ්රෝක්ලොරික් අම්ලයේ ස්‍රාවය වැඩි වී ආමාශයේ හා ග්‍රහණියේ තුවාල වැඩි වීමට හේතු වේ.

මනස සුවෙන් තබාගන්න

අනවශ්‍ය පීඩනයක් ආදිය ඇතිකර නොගෙන සෑම අවස්ථාවකදීම මනස සතුටින් සැහැල්ලුවෙන් තබා ගැනීමට උත්සහ ගන්න.

ජලය පානය කරන්න.
දිනකට අවශ්‍ය ජලය අප නිරතුරුවම අපගේ ශරීරයට එක කර ගත යුතු වේ. සාමාන්‍යයෙන් අප දිනකට වතුර කෝප්ප 6-8 ලෙස පෙන්වා දුන්නද අප ප්‍රමාණාත්මකව නොව ශරීරයට අවශ්‍ය පරිදි ජලය පානය කළ යුතුවේ.
ගැස්ට්‍රයිටිස් රෝගියෙකු කල්පනාකාරීව ජලය බිමට ගත යුතු වේ. මන්ද ගැස්ට්‍රයිටිස් රෝගියෙකු ජලය පානය කළ යුතු වන්නේ ටිකෙන් ටිකය. එකවර විශාල ප්‍රමාණයක් ජලය පානය කළහොත් මෙම රෝගීන්ට දැඩි අපහසුවක් දැනීමට පටන් ගනී. ඒ ආමාශය ජලයෙන් පිරුණු විට ආමාශයෙන් හයිඩ්රෝක්ලොරික් අම්ලය පිට වී යාම වැලක්වීමට යෙදී ඇති කපාට ලිහිල් වී හයිඩ්රෝක්ලොරික් අම්ල ජලය සමග මිශ්‍ර වී කපාට හරහා ආපස්සට ගලනාලය දක්වා ගමන් කරනු ලබයි. එවිට ගලනාලවල තුවාල සෑදී ගැස්ට්‍රයිටිස් රෝගය දරුණු විය හැකිය.ගැස්ට්‍රයිටිස් රෝගියෙකු දිනකට ජලය ලීටර 2ක් -3ක් වත් ටිකෙන් ටික පානය කළ යුතුය.

සුවබර නින්දක් ලබා ගැනීම

මිනිසාට සාමාන්‍යයෙන් පැය 6කවත් නින්දක් අවශ්‍ය වේ. නින්ද හා ගැස්ට්‍රයිටිස් අතර සම්බන්ධතාවක් ඇත. කොට්ට 2-3 ක් තබාගෙන නිදාගැනීමෙන් වැළකිය යුතුය. මන්ද එවිට හිස පැත්තෙන් සිරුර ඉස්සීම නිසා ශරීරය නැවීමකට ලක් වේ. එවිට උදරය ඇකිලිමකට ලක් වී පිත පවා ඉහළට යාමට ඉඩ තිබේ.

සාමාන්‍යයෙන් ශරීරය දිගහැර දකුණු ඇලයට හරි නිදාගැනීම සුදුසු ක්‍රමය වේ. දකුණු ඇලයට හැරී  නිදාගැනීමෙන් ආමාශයේ ඇති ආහාරයන් ඉක්මනින් ග්‍රහණිය කරා යනු ඇත. නමුත් කෙට්ටු ශරීරයක් ඇති පුද්ගලයන්ගේ (ගැස්ට්‍රයිටිස් රෝගයෙන් පෙලෙන ) බඩවැල අවහිර වී ඇති නිසා ඔවුන් මුණින් අතට නිදාගැනීම වඩාත් යෝග්‍ය වේ. උඩුබැලි අතට නිදාගැනීම යෝග්‍ය නොවේ.

Monday, July 10, 2017

ශරීරය පුංචි වුනත් , හිත පුංචි නැති බසෝරි ලාල්



බසෝරි ලාල් දෙස පිටුපසින් දකින අයෙකුට අනුව නම් ඔහු ඉතා කුඩා දරුවෙකි. නමුත්, ඔහු ඉදිරියෙන් දකින අයෙකුට ඔහු තුළ පැහැදිලි වෙනසක් දැකිය හැකිය. අඟල් 29ක උසින් යුතු මේ ඉන්දීය ජාතිකයාගේ වයස අවුරුදු 50කි.

ඉන්දියාවේ මාධ්‍ය ප්‍රදේශ් හි කුඩා ගම්මානයක ජිවත් වන ලාල් මේ වනවිට එම පළාතේ සුපිරි තරුවක් යයි පැවසීමේ වරදක් නැත. කුඩා අවධියේදී බොහෝ දෙනාගේ උසුළු විසුළුවලට ලක් වුවත්,අද ලාල්ට ආදරය නොකරන්නෙකු නොමැති තරම්ය. ඔහුගේ මුහුණේ රැඳී  සිනහවට ඒ ගම්මානයේ මිනිසුන් දක්වන්නේ පුදුම ඇල්මකි. ඔවුන් සියලු දෙනා පවසන්නේ ලාල් යනු නිතර මුහුණේ සිනහවක් රැදුණු හොඳ මිනිසෙකු බවයි.

තම සහෝදරයාගේ හා ඔහුගේ බිරිදගේ සෙවණේ වැඩෙන ලාල් කුඩා දරුවෙකු සේ බලාගන්නේ ඔහුගේ නෑනාය. ඔහු නෑවීම, කැවීම මේ සෑම දෙයකටම ඉදිරිපත් වන නෑනා කුඩා දරුවකු සේ තම ස්වාමියාගේ අඟුටුමිටි සහෝදරයා උකුලේ තියාගෙන ඇවිදින ආකාරය ඒ ගම්මානයේ අයට පුදුම කරුණක් නොවේ.

55 හැවිරිදි වියේ පසුවන ලාල්ගේ සහෝදරයා පවසන්නේ ලාල් ඔවුනට දෙවියන්ගෙන් ලද ත්‍යාගයක් බවයි. බොහෝ දුරබැහැර සිට මිනිසුන් ලාල් බැලීමට පැමිණෙන බව ඔහු කියයි.
“ මගේ උස මට ප්‍රශ්නයක් නෙමෙයි. මම වැඩ කරනවා. ජිවත් වෙනවා.නිදියනවා. සාමාන්‍ය අයෙක් වගේ ආහාර ගන්නවා. මොනවා වුනත් මම හොඳින්. මාගේ උස හින්දා මට කිසිම ප්‍රශ්නයක් නෑ.”නමුත් ඔහු උසින් ඉතා කුඩා වුවද ඔහුගේ වයසත් සමග මුහුණ වයසට යෑම නිසා අපුර්වත්වයක් ඒ ශරීරය තුල සංකලනය වී ඇති ආකාරය දැකිය හැකිය.
ශරීරය නිසියාකාරව වර්ධනය නොවීමේ රෝගී තත්වයකින් පසු වී ඇති ලාල්ට එවකට ඒ සම්බන්ධයෙන් නිසි ප්‍රතිකාරයක් ලබා ගැනීමට නොහැකි වුවත් අද ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පරික්ෂාවට ලක් කිරීමට ස්වේච්ඡාවෙන්ම වෛද්‍යවරු සහය වීමද විශේෂත්වයකි. “ මට විවාහයක් කරගන්න උවමනාවක් නෑ. මට ඕනෑ මම අද කරගෙන ඉන්න විදියටම වැඩ කරගෙන ඉන්න. ඒ වගේම මගේ සහෝදරයා සමග ජිවත් වෙන්න.

(උ.ගැ.)



ලොව කඩදාසි ගවුම් නිර්මාතෘවරිය - Eugenia Zolota




ලෝකයේ බිහි වූ කලාකරුවන් අතරින් වෙනස් වූ නිර්මාණ හැකියාවන් ඇති ම් දිනවල අන්තර්ජාලය ඔස්සේ බොහෝ ජනප්‍රියත්වයට පත් කලාකාරිනියක් ලෙස Eugenia Zolota හැඳින්විය හැකිය. ඒ කඩදාසි වලින් හැඩ මැවූ ගවුම් නිර්මාණයකි. Contemporary art ලෙස ඇය මෙම කලාව හඳුන්වනු ලබයි. ය මේ සඳහා විශාල ප්‍රමාණයේ කඩදාසි භාවිත කරමින් කැටයම් කරමින් නිර්මාණය කරයි.

කුඩා කලයේ සිටම විනෝදාංශයක් වූ දෙය අදටත් විනෝදාංශයක් ලෙස සිදුකරනු ලබයි. ඇය මෙම නිර්මාණ සිදු කරමින් ඒවා බොහෝ දෙනා සමඟ බෙදා ගනු ලබයි. යුක්‍රෙනු ජාතික කාන්තාවක් වන ඇය දැන් වෘත්තිමය වශයෙන් කලාකාරිනියකි. Eugenia ගේ කුඩා කල විනිදන්ශයක් වූ මෙම නිර්මාණ හැකියාව අද වන විට අගේ වෘත්තීය වී හමාරය.තමන් මෙම ක්‍රියාව පිළිබඳව නොතේරෙන කාලයේ සිට බොහෝ ඇල්මක් දක්වා ඇති බව සඳහන් කර තිබේ. කුඩා කාලයේදී ගෙදර ඇති කුඩා පිහියක් ගෙන එමගින් කඩදාසියක් හැඩ කිරීමට ඇය පටන්ගෙන තිබේ. ය මුල්ම වශයෙන් තම නිර්මාණ හැකියාව පෙන්නුම් කරනු ලැබුවේ සුබපැතුම් පතක් මගිනි.ඒ 2007 වසරේදී ය. එහිදී තමන් කළ එම නිර්මාණය සඳහා බොහෝ දෙනෙකුගෙන් පැසසුම් හිමිව තිබේ. එතැන් පටන් අයගේ නිර්මාණ හැකියාව කෙමෙන් වැඩි දියුණු විය. 


Eugenia මෙම නිර්මාණ සිදු කිරීමට පටන් ගන්නේ ඇය නින්දට යන වෙලාව තුලදීය. එම කාලයේ ඇයට නිදහසේ නිර්මාණයන් සිදු කිරීමට හැකියාව ලැබෙන බව සඳහන් කරයි. දවසේ අනෙකුත් කාලයේදී ය සාමාන්‍ය පරිදි ගෙදර දොරේ වැඩකටයුතු සිදු කරයි.

Eugenia සිය වෘත්තීය ලෙස මෙම නිර්මාණයන් සිදු කරයි.ඇය බොහෝ ලෙස මෙම කලාවට ඇලුම් කිරීම අයගේ ජිවිතයේ සාර්ථකත්වයට ගෙනගිය බව නොරහසකි.
  (උ.ගැ.)

Sunday, July 9, 2017

ඓතිහාසික කසාගල රජමහා විහාරය



කසාගල රජමහා විහාරයේ ස්ථානීය පිහිටීම ගතහොත් එය දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ අගුනකොලපලැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ කසාගල උඩයාල හීන්බුන්න ග්‍රාමයෙහි පිහිටා ඇත. රත්න වීරකැටිය මාර්ගයේ කි.මී.06ක් පමණ ගමන් කළවිට කසාගල රජමහා විහාරය හමුවේ.මෙම විහාරයේ ආරම්භකයා ලෙස හැඳින්වෙන්නේ කාවන්තිස්ස රජතුමා විසිනි. එම විහාරස්ථානයේ ශිලා ලිපියක කවගල විහරම යනුවෙන් සඳහන් වේ. පලවන දප්පුල, පළමුවන විජයබාහු හා කිර්ති ශ්‍රී රාජසිංහ යන රජවරු කසාගල වෙහෙර ප්‍රතිසංස්කරණයට දයක් වූ බව සඳහන් වන අතර මේ අනුව අනුරාධපුර, පොලොන්නරුව හා මහනුවර අදී යුගවලදී පැවතී රාජානුග්‍රහය පැහැදිලි වේ. ශිලා ලේඛන සාධක අනුව මෙම කසාගල වෙහෙර දළදා සමිදුන් මෙන්ම රහතන් වහන්සේලාද වැඩසිටි ඇතැයි අනුමාන කරයි.මෙහි ඓතිහාසික වටිනාකම වඩාත් තීව්‍ර කරමින් රන් පිළිමයක් කිර්ති ශ්‍රී රාජසිංහ රජු පුජා කර ඇත. එසේම රජු විසින් දළදා පෙරහරේ මෙන්ම විහාරස්ථානයේ වෙනත් අවශ්‍යතා වෙනුවෙන් අක්කර 1000ක්  වූ නින්දගමක් ද ඇත.

කසාගල විහාරයේ ස්වභාවික පිහිටීම අනුව භූමිය තට්ටු ක්‍රමයට සකස් කොට ස්මාරක ස්ථානගත කොටඇත. මෙහි චෛත්‍ය ,බෝධීන් වහන්සේ, පිළිමගෙය,පැරණි ධර්ම ශාලාව සහ භික්ෂුන්වහන්සේලා සඳහන් වූ අවාසගෙය දක්නට ලැබේ. මෙහි ඉහළ කොටසෙහි ස්වභාවික ගල් තලාව මත ඉදිකරනු ලැබූ පැරණි දාගැබකි. මෙහි පහලින් පිළිමගෙයක් යැයි සිතිය හැකි ගොඩනැගිල්ලක නෂ්ටාවශේෂ ද වේ. කසගල විහාරස්ථානයේ පැරණි වස්තු විද්‍යාත්මක ඉදිකිරීම් අතර එහි පිට ප්‍රාකාර බැම්මට විශේෂ ස්ථානයක් හිමි වේ. ප්‍රවේශ හතරක් සහිතව ශිලා කුට්ටි භාවිතා කර ඉදිකරන ලද මෙම ප්‍රාකාර බැම්ම ශිලාමය පියගැට පෙළ හා සඳකඩපහණ අදින් සඳහන් වේ.


රමණිය ගල්තලාවක් සහිත වන ලැහැබකින් වට වූ මෙම විහාරස්ථානය පැරණි රජ දවස වඩාත් ගෞරවයට හා පුජනීයත්වයට පත් වූ ස්ථානයක් බව පෙනේ. මෙහි භූමිය මහල් ක්‍රමයට සකස් කිරීම අනුව පුජනීය භූමියක ජල කළමනාකරණය පිළිබඳ සාධක හඳුනාගත හැකිය.

සිතුවම් පිළිබඳ තොරතුරු

මහනුවර සම්ප්‍රදායේ සිතුවම් අදින ලද සිත්තරාගේ දකුණු ගුරුකුලය හොඳින් ආරක්ෂා වී ඇති අනගි ප්‍රකාශයන්ගෙන් යුක්ත වූ ස්ථානයක් වශයෙන් කසාගල විහාර මන්දිරයෙහි සිතුවම් දැක්විය හැකිය. මෙහි ප්‍රවේශ මණ්ඩපය ගර්භ ගෘහය වටා ඇති ප්‍රදක්ෂිණා පථය හා ගර්භ ගෘහය යන කොටස් තුනකින් සමන්විත වේ. මහනුවර සම්ප්‍රදායේ දක්ෂිණ ශෛලිය නුතන යුගයට සංක්‍රමණය වීමේදී ඇති වූ සංක්‍රාන්තික අවධිය නිරූපණය කරනු ලබන සිතුවම් ශෛලීන් දෙක මෙහි දැකගත හැකිවේ.

විහාරයේ ඇතුළු ගර්භයේ ඇති බුද්ධ ප්‍රතිමා හා සිතුවම් ද එහි පිට බිත්තියේ ඇති මකර තොරණ,දොරටුපාල රූප,ජාතක කතා සිත්තම් සහිත සිතුවම් මහනුවර සම්ප්‍රදායේ දකුණු ශෛලිය නියෝජනය කරයි. මෙම සිතුවම් සඳහා රතු, කොළ, කළු, සුදු, නිල් යන වර්ණ හා එහි ප්‍රභේදයන් භාවිත කර ඇති අතර දේශීය හා විදේශීය අමුද්‍රව්‍යයෙන් සැදුම්ලත් උසස් වර්ගයේ වර්ණ භාවිතා කර ඇත.

මෙහි ප්‍රවේශ මණ්ඩපය කොටස් ඇති සිතුවම් බුදුසිරිත නිරූපණය කරනු ලබන අතර ඒවා දක්ෂිණ සම්ප්‍රදායේ සංක්‍රාන්තික අවධිය නිරූපණය කරයි. මෙම සිතුවම් වල වර්ණ,රේඛා, හැඩතල භාවිත කර ඇති ආකාරය මගින් විස්තරාත්මක සංරචනයන් දක්වා තිබේ. බටහිර සංස්කෘතියේ සිරිත් විරිත් හා නව කලා ආරයන්ගෙන් එම සිතුවම් පෝෂණය ලබා ඇත. විදේශීය අභාෂය කැටිකොට දක්වන වස්තු විද්‍යාත්මක නිර්මාණ වඩාත් ත්‍රිමාණ තාත්වික ආකාරයෙන් නිරූපණය වන පරිදි සිත්තමට නගා ඇත. දේව රූප හා මිනිස් රූප ද වටකුරු වූ ත්‍රිමාණ ලක්ෂණ පිළිබිඹු වන ආකාරයෙන් නිරූපිතය.


මෙම විහාරයට අයත් ධර්ම ශාලාවේ ඇති පිරිත් මණ්ඩපයේද අලංකාර සිතුවම් දැකගත හැකිය. ඒවා මහනුවර සම්ප්‍රදායේ දකුණු ශෛලිය නියෝජනය කරයි. දේශීය අමුද්‍රව්‍ය වලින් සැදුම්ලත් වර්ණක සියුම් රේඛා හා හැඩතල භාවිත කරන ලද මල් ලියවැල් රටාවන් හා සත්ව රූප ඇතුලත් මෝස්‌තර මගින් මෙය අලංකාර වී තිබේ.


මුර්ති සහ සිතුවම් පිළිබඳ විස්තර
  • ·         ඇතුළු ගර්භය

ඇතුළු ගර්භයේ බුද්ධ ප්‍රතිමා රාශියක් දක්නට ලැබේ. ඇතුළුවන විට ඉදිරිපසින් පිහිටි බිත්ත්යේ දිගින් අඩි 27ක් පමණ වූ විශාල සැතපෙන පිළිමයකි. වම්පස බිත්තියෙහි හිඳී පිළිමයක්ද දකුණු පස බිත්තියෙහි හිටි පිළිමයක්ද වේ. සැතපෙන පිළිමය පිහිටි බිත්තියට මුහුණලා පිහිටි බිත්තියේ දොරටුදෙකට මැදිව ඇති කොටසේද හිටි පිළිම දෙකකි. එම බිත්තියේ දොරටු දෙපැත්තේ කතරගම දේව රූපය හා සමාන රටාවකට රැස් මාලාව නිරූපිතය. ප්‍රතිමා පිහිටි ස්ථාන හැරුණු විට ඉතිරිවන කොටස් තිරස් අතට තීරු තුනකට බෙදා බුදුපුදට මල් අතින් ගත් විලාශයෙන් ශ්‍රාවක රූප සිතුවම් කර ඇත. පිවිසෙන දොරටු දෙකට ඉහලින් ඇතුළු පැත්තේ හංස පුට්ටුව නමැති සම්ප්‍රදායික සිංහල මෝස්තර දෙකක් තිබෙනු පෙනේ.
  • ·         පිටත ගර්භය

පිටත ගර්භයේ වම්පස බිත්තිය ප්‍රධාන වශයෙන්ම වෙන් වී ඇත්තේ බෝධිසත්ව ප්‍රතිමාවක් වෙනුවෙනි. මෙම ප්‍රතිමාව දෙපස නලා පිඹින්නන් දෙදෙනෙකු සිතුවම් කොට තිබේ. එසේම ප්‍රතිමාව දෙපස දොරටු සහ ආරක්ෂක රූප හතරක් වෙයි.වම්පස බිත්තිය අරුක්කුවක් සහිත දොරටුවකි. මෙය පිට මාලයට විවෘත වේ. මෙහි ඇරුක්කුවට ඉහළ තීරුවක දේවාරාධානව නිරූපිත වේ. බිත්තියේ දකුණු පස කෙලවර සක් පිඹින්නන් සිතුවම් කර ඇත.ඇතුළු ගර්භයේ දොරටු සහිත පිටත බිත්තියේ රමණිය මකර තොරණ දෙකකි. බිත්ති දෙකෙලවරෙහි දොරටුපාල රූප දෙකක්ද, සිංහ රූප දෙකක්ද වෙයි. දොරටු දෙකට මැද ඇති අවකාශයේ නාරිලතා මල් රටාවක් හා කිදුරු යුවලක්ද නිරූපණය වේ.
  • ·         ඇතුළු ගර්භයේ සිවිලිම

සිවිලිම සරසා ඇත්තේ සියපත් රටවකිනි. එය විසිතුරු වියනක ස්වරූපයෙන් ඇඳ තිබීම විශේෂත්වයකි.
  • ·         පිට මාලකය

ඇතුළු ගර්භයේ පිටත බිත්තිය සම්පුර්ණයෙන්ම සුවිසි විවරණය නිරූපණය කර ඇත. එම බුද්ධ රූප බදාමයෙන් නෙලා ඇති අතර බිතු සිතුවම්ද දක්නට ලැබේ. මේ කොටස් දර්ශනීය විදුරු අවරණයකින් ආරක්ෂිතය. සුවිසි විවරණය දැක්වෙන බිත්ති තුනේ පහළ කොටස් අලංකාර කිරීම සඳහා මල්කම් ලියකම් මෙන්ම යක්ෂ,මනුෂ්‍ය,වාමන සහ බහිරව රූපද අන්ද තිබේ.

පිට මාලකයේ බිත්තිය තිරස් අතට තීරු හතකට බෙදා ඇත. මේ බිත්ති මුළුමනින්ම බුද්ධු චරිතය සඳහා වෙන්කර ඇත. මහමායා දේවිය සිහිනයක් දැකීම, සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය, බ්‍රාහ්මයන් විසින් පිළිගැනීම, සත් පියුම් පිට වැඩිම, ප්‍රථම උදානය පැවසීම යන බුද්ධ චරිතයේ විවිධ අවස්ථා නිරූපණය වේ. පහලම තීරුවේ චිත්‍ර සම්පුර්ණයෙන්ම විනාශ වී ගොසිනි.

පිටමාලයේ ප්‍රධාන බිත්තියේ ඇතුළු පැත්තේ චිත්‍ර තීරු හතරක සිතුවම් කර ඇත. පිටවීම සඳහා දොරක් සහ ජනේල දෙකක් සහිත මේ බිත්තියෙහි තීරු තුනක්ම වෙස්සන්තර ජාතකය නිරූපණය වේ. හතරවන තීරුවේ අපාය විස්තර නිරූපණයවේ. අපාය දර්ශන සිතුවම් ජනේල වශයෙන් දක්වා ඇත. ඒ සඳහා ඕවලාකාර හැඩයක් භාවිත කර ඇත.
පිටමාලයේ සිතුවම් ලෙස කට්හාරි ජාතකය, චුල්ලධර්මපාල ජතකය, සුතසෝම ජාතකය, හා පටාචාරා පුවත නිරූපණය කරයි. පිටමාලයේ තවත් බිත්තියක සිතුවම් තීරු හතරක් ඇත. නන්දිය උපාසකතුමාගේ කතාව, සෝරෙයිය  සිටුතුමාගේ කතාව, තේමිය ජාතකය නිරූපණය වේ.



Monday, June 19, 2017

සත්ව ලෝකයේ අපුර්ව චර්යා



සතුන් පරිසරය හා මිහිපිට ජිවත් වනවිට දී විවිධ මාදිලියේ චර්යා පෙන්වයි. පහත දැක්වෙන්නේ එවැනි චර්යා කිහිපයකි.
  • ·         ආහාර ලබාගැනීමේ චර්යා
  • ·         ප්‍රජනනයේදී පෙන්වන චර්යා
  • ·         විලෝපියන් පලවා හැරීමේ චර්යා
  • ·         සමාජවාදී චර්යා

ආදී වශයෙනි.

ආහාර ලබාගැනීමේ දී පෙන්වන චර්යා
       උසස් වංශවල සතුන් මෙම චර්යා බොහෝවිට පෙන්වයි. විලෝපියන්,පක්ෂීන් අතර මෙම චර්යා දැකිය හැකිය. උදාහරණයක් ලෙස වනාන්තරවල වෙසෙන කොටියන් වැනි විලෝපියන්ගේ ප්‍රධාන ආහාරය වන්නේ වදුරන්ය. වදුරන් වෙසෙන වෘක්ෂ අසලට ගොස් එම ගස්යට මියගිය සතෙකු ලෙස ඔවුහු වැතිර සිටිති. එවිට වදුරු රැල මෙකී කොටියා මියගිය සතෙකු යැයි සිතා උගේ ඇග මතින් හෝ ඇත්තෙන් අත්තට පනිමින් විනෝද වෙති. අවස්ථාව ලද විට හෝ ඔවුන් බිමට වැටුණු විට කොටියා ඉතා පහසුවෙන් ගොඳුරගනී.
බොහෝ පක්ෂීන් ආහාර සොයනුයේ රංචු ලෙසය. රංචුවේ එක් පක්ෂියෙකු ආහාර ප්‍රභවයක් දුටුවිට ආහාර ප්‍රභවය කරා ඌ ගුවනේදී පහත වේ. එවිට, රෑනේ අනෙක් පක්ෂිහුද එකී පක්ෂියා අනුගමනය කරමින් ආහාර ප්‍රභවය දෙසට පහත වෙති. මොවුන් අතරින් කිහිප දෙනෙකු ආහාර අනුභව කරන අතරතුර අනෙක් පක්ෂීහු අවට විලෝපික සතුරන් විමසිල්ලෙන් බලා සිටිති.

ප්‍රජනනයේදී පෙන්නුම් කරන චර්යා

විවිධ සතුන් ප්‍රජනනයේ හෙවත් තම වර්ගයා බෝ කිරීමේ දී පෙන්නුම් කරන හැසිරීම් මේ යටතට ගැනේ. මෙම චර්යාවල විවිධත්වය ඉතා අධිකය. එක් එක් සත්ව විශේෂයට එකී හැසිරීම් ලාක්ෂණික වේ. මිනිසා හැරුණු විට පෘෂ්ෂින් අතරින් වැඩිම ප්‍රජනන චර්යා පෙන්නුම් කරනුයේ පක්ෂින්ය. 


සමහර සතුන් සංසර්ගයේ යෙදීමට ප්‍රථම පැය ගණනාවක් හෝ දින ගණනක් විශේෂිත හැසිරීම් රටා පෙන්වයි. එයට පෙම්කෙලි (courtship) යැයි කියනු ලැබේ. පෙම්කෙලියේ ප්‍රධාන පරමාර්ථය සංසේචනය තහවුරු කිරීමයි. එය එසේ වුවද පෙම්කෙලියේ අවසානය සංසර්ගය වියයුතු නැත. උදාහරණයක් ලෙස බොහෝ පක්ෂීන්ගේ ප්‍රජනන ඍතුවේදී දේහය ඉතාමත් වර්ණවත් වේ. එසේම මිහිරි ගී නාද කරයි.මෙය බොහෝවිට දක්නට ලැබෙන්නේ පිරිමි සතුන් තුළය.

ප්‍රජනන ඍතුවේදී පිරිමි ගෙම්බන් සිය ඝෝෂක මඩි ආධාරයෙන් ශබ්ද නගා ගැහැණු සතා වෙත තමා සිටින ඉසව්ව දක්වයි. එවිට ගැහැණු සතුන් එම පිරිමි සතුන් ඇති ස්ථාන කරා ගමන් කරති. එවිට ජලයේ දී පිරිමි සතා සිය මෛථුන උපාධාන ආධාරයෙන් ගැහැණු සතා බදාගනී. අනතුරුව පිරිමි සතා ශුක්‍රානුත් ගැහැණු සතා ඩිම්බත් එකම විට ජාලයට නිදහස් කරති.

තවද ප්‍රජනනයේ දී ගොනුස්සන්ගේ චර්යාව නිරීක්ෂණය කරන විට ඔවුන් ඉතා දිගු වේලාවක් පෙම්කෙලියේ යෙදී අවසානයේදී සංසර්ගයේ යෙදෙති. අනතුරුව ගැහැණු සතා විසින් පිරිමි සතා ගොදුරක් බවට පත්කර ගනී.

වසම් ආරක්ෂා කරගැනීමේ චර්යා

ආහාර සොයා ගැනීම,විවේක ගැනීම හා සිය ප්‍රජනන කර්තව්‍යය උදෙසා සත්වයෙක් තමා ජිවත් වන පරිසරයේම විශිෂ්ට ස්ථානයක් තමා වෙනුවෙන්ම ,අන් අයගෙන් වෙන් කරගනී. මෙම වෙන්කර ගන්නා වූ පාරිසරික ස්ථානයට වසම යැයි කියනු ලැබේ.

සත්වයෙක් වසමක් වෙන්කර ගැනීම උදෙසා විවිධ උපක්‍රම භාවිත කරයි.උදාහරණයක් ලෙස බල්ලන් ස්වකිය වසම වෙන්කර ගන්නේ වසම් සිමාවේ මුත්‍රාපහ කිරීම මගිනි. මෙම මුත්‍රවල ගන්ධය තුලින් තම තමන්ගේ සිමාව හඳුනාගන්නා අතර වෙනත් සතුන් එතුලට ඇතුළු වීම බොහෝවිට වලකී.

කොටියන් වැනි සතුන් වසම වෙන්කර ගනු ලබන්නේ මලපහ කිරීමෙනි. සමහර මුවන් විශේෂ සිය මුහුණේ ඇසට පහලින් වූ ග්‍රන්ථියකින් නිපදවන ශ්‍රාවයන් වසම් සිමාවේ වූ ශාකවල තවරයි. පක්ෂීන් සිය වසම රැක ගන්නේ මේ සියලුම ආකාරවලට වඩා වෙනස් ආකාරයකටය. එනම්, ඔවුන් සිය සිමාව තුළ සිට මිහිරි ගී නාද කිරීමෙනි.

එමෙන්ම සමහර මත්ස්‍යයයෝද වසම් චර්යා පෙන්නුම් කරයි. උදාහරණයක් ලෙස ගතහොත්  orechromis mossambicus  (තිලාපියා) හා Etroplus Suratensis (ඉරිකොරලියා) සිය ප්‍රජනක සමයේදී වසම් ආරක්ෂා කරයි. සමහර සතුන්ගේ වසම් තුළ ප්‍රජනනය පමණක් සිදුවන අතර සමහර සතුන්ගේ වසම් තුළ පැටවුන් රැකගැනීම, විවේකය ලැබීම, යනාදිය සිදුවේ. සමහර සතුන් සිය ජිවන ප්‍රවෘත්තිය පුරාම වසමක් ආරක්ෂා කරන අතර, තවත් සමහර සතුන් වසම් චර්යාව දක්වනුයේ තාවකාලිකවය. එනමුත් සිය ජිවන චක්‍රයේ වසම් ආරක්ෂා නොකරන සතුන්ද ඇත.

මව්පිය සතුන් දරුවන් කෙරෙහි දක්වන චර්යාව

මෙයද පක්ෂීන් හා ක්ෂීරපායින් අතර බහුලව දක්නට ලැබේ. කුරුළු කුඩුවක් තුළ සිටින සිය පැටවුන්ට ආහාර රැගෙන එන මව්පිය සතුන් සිය පැටවුන්ට ආහාර කවති. එසේ කවනු ලබන්නේ පැටවූ සිය මුඛය විවෘත කර මව්පිය සතුනට විද්‍යමාන කළ විටදීය. පැටවුන්ගේ මුඛය තුළ රත් වූ පැහැය නෙතට හසුවන විට මව්පිය සතුන් උත්තේජනය වේ.


දරුවන් දෙමාපියන් වෙත දක්වන චර්යා

මව්පිය පක්ෂීන් ආහාර සොයාගෙන විත් කැදැල්ලට තට්ටු කළවිට කුඩා පැටවුන් ගෙල දිගුකර මුඛය විවෘත කර ශබ්ද නගා කෑගසති. මව් බැල්ලිය වෙතින් ඈත් කරතැබූ කුඩා බලුපැටවකු මවුසතා සොයායන විට ඔබමොබ සැරිසරා  සිහින් ශබ්දයක් පිට කරයි.

රිද්මයානුකුල චර්යා

සමහර සතුන්ගේ චර්යා රිද්මයනුකුලව ඉස්මතු වේ. මෙය එක සෛලික හා බහු සෛලික යන සතුන් වර්ග දෙක තුළම දක්නට ලැබේ. සමහර සතුන් ප්‍රජනනය කරන්නේ කිසියම් නිශ්චිත කාලසීමාවක් තුලදී පමණි. සමහර සතුන් සක්‍රිය වනුයේ රාත්‍රී කාලයේදී පමණි. එනම්, නිශාචාරය. දිනය උදාවනවාත් සමගම අළුයම් කාලයේදී කුකුළෝ හැලීමට පටන් ගනිති. කපුටෝ කෑගසමින් ආහාර සොයායති. අඳුර වැටීමත් සමග කැරපොත්තෝ සක්‍රිය වෙති. මෙවැනි රිද්මයානුකූල චර්යා ජීවියාගේ ස්වකිය ජිවන ප්‍රවෘත්තිය පුරාම ඒකාකාරිව පවතී. මෙලෙස රිද්මයානුකූල හැසිරීම් ජනිත වන්නේ දේහයේ අභ්‍යන්තර වෙනස්වීම් නිසාය. එලෙස අභ්‍යන්තර වෙනස්වීම් ඇතිකරන උත්තේජන බොහෝවිට පරිසරයේ වූ ආලෝකය,ඍතුමය වෙනස්වීම්, ඉරහඳ,පෘතුවිය යනාදියෙහි සාපේක්ෂ පිහිටීම් නිසා වියහැකිය. සතා තුළින්ම ජනිත වන්නාවූ ද, දෛනිකව සිදුවන්නාවූ ද සක්‍රිය රිද්මයනුකුල චර්යාවන් Biological Clock හෙවත් ජෛව ඔරලෝසුවට අනුව සිදුවේ. 

පැරණි ශ්‍රී ලංකාවේ නීතිය සැකසීමට පාදක වූ නීති මුල



විද්‍යාවට අනුව (Jurisprudence) නීතියේ ප්‍රභවස්ථාණය ලෙස හඳුන්වන්නේ නීති මුලාශ්‍රයෝය.නීති මුලාශ්‍ර යන්නෙහි සරල අදහස නම් කිසියම් නීතිමය රීතියක් ඇතිවීමට හේතු වූ කිසියම් ප්‍රපංචයකි. නීති මුලාශ්‍ර නෛතික හා ඓතිහාසික වශයෙන් ද්විත්ව වේ. නෛතික මුලාශ්‍ර ලෙස නුතනයේදී හඳුන්වන්නේ නීතිය මගින්ම මුලාශ්‍ර ලෙස පිළිගනු ලබන දේ හෙවත් පුර්වනඩු තීන්දු,ව්‍යස්ථාපිත නීති, රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යනාදියයි. ඓතිහාසික නීති මුලාශ්‍ර යනු ආගම,සිරිත් විරිත් ආදියයි. පැරණි භාරතයේ පිළිගෙන තිබුණු නීති මුල හතරක් කෞටිල්‍ය අර්ථ ශාස්ත්‍රයේ සඳහන් වේ. එනම්,

   ධර්ම        චාරිත්‍ර     ව්‍යවහාර     රාජශාස්ත්‍ර  
යනුවෙනි.ධර්මය පමණක් නොව චාරිත්‍ර රැකීමද ජනතාව රජුගෙන් බලාපොරොත්තු විය. කිසියම් අවස්ථාවකදී රජු චාරිත්‍ර පසෙකලා ධර්මය මුල් කර යම් කටයුත්තක් කලේද ජනතාව ඊට එරෙහි විය. මහා විහාරික භික්ෂුන් පිළිබඳ උපන් සැකය හේතුවෙන් උන්වහන්සේලාට දන්දීම තහනම් කරමින් මහසෙන් රජු නීතියක් පැනවූ අවස්ථාවේදී රජුගේම ප්‍රබල ඇමතිවරයකු ඇතුළු මහජනයා ඊට එරෙහි විය. අවසානයේදී රජුට නීතිය නිශ්ප්‍රභ කරමින් මහජන මතයට ගරු කිරීමට සිදුවිය. 

ඉන්දියාවේ මෙන් නොව ලංකාවේ වඩාත් වැදගත් හා ප්‍රමුඛතාවය ලැබී ඇත්තේ රාජාඥාවට නොව ධර්ම හා චාරිත්‍ර යන දෙකොටසටයි. රජුට ස්වකිය බලය රදවාගත හැක්කේ රජු මහජන මතයට ගරු කරන්නේ නම් පමණි. රටේ නීතිය හා සම්බන්ධ තත්වයද එසේමය. මේ අනුව පුරාතන ලංකාවේ තිතියට පාදක වුයේ මුලික වශයෙන්ම චාරිත්‍ර හා ධර්මයයි.

පැරණි සිංහල නීතියට පාදක වූ නීති මුල පිළිබඳව කතා කරන බොහෝ විද්වතුන් අවධානය යොමුකර ඇත්තේ චාරිත්‍ර කෙරෙහි පමණි. මොවුන් එකී නීති මුල වර්ගීකරණය කර ඇත්තේද සිරිත් පදනම් කරගෙනය. පසු කාලීනව ලංකා සමාජයට විදේශීය බලපෑම් ඇති වන්නට පටන්ගත් තැන් පටන් වෙනත් ආගමික ලක්ෂණද ( විශේෂයෙන්ම හින්දු හා ශිව වැනි) චාරිත්‍ර හා වාරිත්‍ර නිත්‍ය කෙරෙහි බලපෑවේය.

 පැරණි ලංකාවේ නීතිය සකස් වීමට බලපෑ නීති පිළිබඳ අධ්‍යයනයක යෙදුනු ආචාර්ය M.C.S. ජයසේකර මහතා නීති මුල හතක පෙන්වා දෙනා අතර “ පුරාතන ලංකාවේ නීතිය හා අධිකරණය" ග්‍රන්ථයේ පී.මනම්පේරි මහතා නීති මුල හයක් දක්වා ඇත.

ශ්‍රී ලංකාවේ නීති ක්‍රම සකස් වීම කෙරෙහි භාරතීය නීති ක්‍රම හා සිරිත් විරිත් ද බලපෑවේය. උත්තර භාරතීය චාරිත්‍ර හා නීති ක්‍රමයන්හි අභාෂය මෙරටට ලැබුනේ මුලිකවම ශාක්‍ය,මෝරිය, හා ලම්භකරන යන ක්ෂත්‍රිය රජ දරුවන්ගෙනි. විටින් විට ලංකාවට පැමිණි මෙම පිරිස් මෙරට පාලකයෝ වුහ. ශ්‍රී ලංකාවේ ජලාශ්‍රිත ශිෂ්ටාචාරයේ මහා පරිමාණයේ වැව් නිර්මාණයේ  ආරම්භක පුරෝගාමියා වූ වසභ රජු ලම්භාකරන වංශිකයෙකි. සිංහලයේ පුද්ගලික නීතිය යටතේ විවාහක කාන්තාවන් සතු පුද්ගලික දේපල භුක්තිවිදීමේ නිදහස විකාශනය වී ඇත්තේ ශාක්‍ය මුලාශ්‍ර වලිනි. වර්තමානයේ පවා දක්නට ලැබෙන ඇවැස්ස සොහොයුරා හෝ සොහොයුරිය සමග විවාහ වීම හෙවත් ඇවැස්ස විවාහය මෙරට චාරිත්‍රවලට එක් වුයේ ශාක්‍ය චාරිත්‍ර වලිනි. මෙවැනි සිරිත් ලාංකාවට අනුගත වුවා පමණක් නොව නීති ක්‍රමයටද එක්විය. විවාහ නීතිය යටතේ විවාහය දේපල හිමිකාරිත්වය හා අනුප්‍රාප්තිය අයිතිය සම්බන්ධයෙන් වැදගත් වේ. එමෙන්ම මෙරටට පැමිණි ලම්භකරන හා ක්ෂත්‍රිය ධර්මවල අභාසය ලංකාවේ නීති ක්‍රමය නිර්මාණය වීමට බලපෑවේය.

පැරණි ලංකාවේ නීතිය සකස්වීමට දක්ෂිණ භාරතීය සිරිත් විරිත් හා සම්ප්‍රධයන්ද බලපෑවේය. දකුණු ඉන්දීය අභාසයට ලංකාව මුලිකවම ගොදුරු වුයේ විටින් විට එල්ල වූ චෝල, පාණ්ඩ  හා කාලිංග ආක්‍රමණ නිසාය. එමෙන්ම සිංහල නීති යටපත් කොට ද්‍රවිඩ නීති ක්‍රියාත්මක වීමටද ඉඩ තිබුණි. පළමුවෙනි විජයබාහු රජු සොළින්ගෙන් රටා මුදවාගෙන පිරිහෙමින් පැවතී අධිකරණ ක්‍රමය යළි නගාසිටුවා ඇත. බ්‍රිතාන්‍යයන් 19 වන සියවසේ මැද භාගයේ දී පමණ අහෝසි කරන තෙක් මෙරට පැවතී සිංහලයන්ගේ පුද්ගලික නීති ක්ෂේත්‍රයේ අංගයක් වූ බහු පුරුෂ සේවනය මෙරට ස්ථාපිත වුයේ දකුණු ඉන්දීය අභාසයේ ප්‍රතිඵලයක් වශයෙනි.
එමෙන්ම ලක්දිව නීතිය සකස් වීමට බලපෑ මුලයන් ලෙස බුදුදහම හැඳින්විය හැකිය. රටක නීතිය සකස් වීම කෙරෙහි ආගම ඍජුවම බලපාන නීති මුලයක් බව වර්තමානයේදී නීති විද්‍යාව තුළ ඊට දී ඇති වැදගත්කම තුලින් පසක් වේ. බුදුන් වහන්සේගේ ධර්මය සංවිධානාත්මක ආගමකි. විවිධ ජාති ,කුල හා ප්‍රදේශ වලට අයත් වුවෝ උන්වහන්සේගේ සංඝ සමාජය තුළ විය. මේ නිසා සංඝ නම් එකම ආයතනය තුළ විවිධතා ඇතිවීම වැලැක්වීමටත් එහි මනා පාලනයක් අරමුණු කර නීති පද්ධතියක් ඇති කළහ. ඒවා විනය නීති නම් විය. විනය නීති සම්පාදකයා වුයේ බුදුන්වහන්සේය.

බුදුසමයේ අභාසය නිසා අධිකරණ කටයුතු වලදී රජුට කිසියම් ප්‍රමාණයක බලපෑමක් කිරීමට පවා භික්ෂුන්ට හැකිවිය. ඇතැම් අවස්ථාවලදී යුක්තිය පසිදලීමේ කටයුතු සම්බන්ධව ගිහිපැවිදි දෙපක්ෂයේම විනිසුරුවන් ලෙස ක්‍රියාකළේ භික්ෂුන් වහන්සේලාය. භාතිකාභය රජු සමයේදී (ක්‍රි.ව. 22- ක්‍රි.ව.7) සිදු වූ එක්තරා සිදුවීමක් අරභයා දුන් තීන්දුව කෙරෙහි පැහැදුණු රජු ගොධගත්තතිස්ස තෙරුන් ගිහිපැවිදි දෙපක්ෂයේම ආරවුල් විසදීමට පත් කළේය.

බෞද්ධයකුගේ නිත්‍ය ශිලය පංච ශිලය බව බුදුරදුන් දේශනා කර ඇත. මේ නිසාම ප්‍රණගාතය හා තහනම් වෙළඳාම රටා තුළ නොකිරීමට බෞද්ධ රජවරු වග බලා ගත්හ. සතුන් නොමැරීම සම්බන්ධයෙන් වූ “ මාඝාතය” ආඥාව රජවරු කිහිපදෙනෙකු විසින්ම පනවා තිබුණි. ආමන්ඩගාමිණී අභය රජු( ක්‍රි.ව.633-ක්‍රි.ව.643) සතුන් නොනසනු පිණිස ආඥාවක්ද කෙරවිය. එමෙන්ම පස්වන අග්බෝ රජු( ක්‍රි.ව. 718-724) පොහෝ දිනවල මත්ස්‍ය මාංශ සුරා ආදී දේ ස්වකිය ඇතුළුනුවරට ගෙනඒම වැලැක්විය. ඇතැම් රජවරු වැව් වල මාළු ඇල්ලීමද තහනම් කොට පනවා තිබු බවට සෙල්ලිපි සාක්ෂි දරයි.

නීතිරීති පමණක් නොව දණ්ඩන සම්බන්ධයෙන්ද බුදුදහම බලපෑවේය. බුදුන්වහන්සේගේ විනය පිටකයෙහි සංඝයා අනුගමනය කළයුතු නීතිරීති සඳහන් කළ අතරම එකී නීති කැඩූවන්ට දියයුතු දඩුවම් ද සඳහන් කළේය. එකී දඩුවම් ශාරීරික නොවීය. එම දඩුවම් අතර පාරාජිකා යනුවෙන් බරපතල දඩුවම් සතරක් විය. මීට අමතරව සප්ත අධිකරණ යනුවෙන් ගැටුම් ඇතිකර ගැනීම වැනි වැරදි කළ භික්ෂුන්ට දෙනු ලබන දඩුවම් ක්‍රම හතක සඳහන් වේ. බුදුන්වහන්සේ අවිහිංසාවාදී දඩුවම් ක්‍රම රජවරුන්ගේ දණ්ඩන නියමයන් කෙරෙහිද බලපෑවේය. මේ නිසාම ඇතැම් රජවරු දැඩි දඩුවම් දීමටත්,තවකෙකු මුළුමනින්ම දඩුවම් දීමටත් මැලිවුහ. සිරිසඟබෝ රජු නිරවි පාලන ප්‍රතිපත්තියක් අනුගමනය කරන බෞද්ධ චක්‍රවර්ති රජෙකු සේ ක්‍රියා කරමින් මරණ දඩුවමට නියම වූ අපරාධකරුවන් නිදහස් කොට ඒ වෙනුවට මළමිනී ගෙනවිත් දවාලු බවත් මහාවංශයේ සඳහන් වේ.

පැරණි ලක්දිව නීතියට පාදක වූ නිතිමුල අතර පෙරසිරිත් හෙවත් පුර්ව චාරිත්‍ර ද වැදගත් විය. පාලියෙන් “ පුබ්බ චාරිත්‍ර” යනුවෙන් හැඳින්වෙන පෙරසිරිත් යනු පුර්වයේදී අනුගමනය කළ හා පසුකාලීනව ද භාවිතයට ගත් පෞරාණික ප්‍රතිපත්තින්ය. සිංහල ක්‍රමයට සිරිත් යනු යහපත් පැවැත්මයි. පැරණි ලක්දිව නීතියේ මුලික ලක්ෂණය වුයේ පෙර සිරිත් රැකීමය.රජවරුන්ගේ අනිවාර්ය යුතුකම් අතර පෙර සිරිත් රැකීම මුලික වූ බව “ වංස කතා" හා අභිලේඛන මුලාශ්‍ර වලින් පෙනේ. මහාචාර්ය විල්හෙලම් ගයිගර් දක්වන ආකාරයට “ ඉතාම හොඳින් ස්වකිය කාර්යභාර්ය හා වගකීම් ඉටුකිරීමට බැඳී සිටින රජු කිසිවිටෙකත් පැරණි සිරිත් හා සම්ප්‍රධායන් නොසලකා නොහරින්නේය. මහාවංශයට අනුව බොහෝ රජවරුන් පෙර සිරිත් හා සම්ප්‍රධායන් අනුගමනය කළ බවත්, එකී රජවරු ධාර්මික රජවරු ලෙසත් හඳුන්වා තිබේ.

රජු විසින් පෙරසිරිත් රැකීම ජනතාව පවා අපේක්ෂා කළ දෙයකි. පෙරසිරිත් කඩ කිරීම නිසා තුන්වන උදය රජු ජනතා අප්‍රසාදයටත් විරෝධයටත් ලක්විය. සාමාන්‍යයෙන් පෙරසිරිත් පෙරසිරිත් වලට බුදුසමය හා බැඳුනු සිරිත්, ප්‍රදේශික සිරිත්, විවිධ ජන කොටස්වල සිරිත් ආර්යයන්ගේ අභාසයද සිරිත් පමණක් නොව රාජආඥ ද ඇතුලත් විය. මේ ආකාරයට ලංකේය නීතිය බිහිවීමේ නිතිමුලාශ්‍ර හඳුනාගත හැකිය.