විද්‍යාවට අනුව (Jurisprudence)
නීතියේ ප්‍රභවස්ථාණය ලෙස හඳුන්වන්නේ නීති මුලාශ්‍රයෝය.නීති මුලාශ්‍ර යන්නෙහි සරල
අදහස නම් කිසියම් නීතිමය රීතියක් ඇතිවීමට හේතු වූ කිසියම් ප්‍රපංචයකි. නීති මුලාශ්‍ර
නෛතික හා ඓතිහාසික වශයෙන් ද්විත්ව වේ. නෛතික මුලාශ්‍ර ලෙස නුතනයේදී හඳුන්වන්නේ
නීතිය මගින්ම මුලාශ්‍ර ලෙස පිළිගනු ලබන දේ හෙවත් පුර්වනඩු තීන්දු,ව්‍යස්ථාපිත නීති,
රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යනාදියයි. ඓතිහාසික නීති මුලාශ්‍ර යනු ආගම,සිරිත්
විරිත් ආදියයි. පැරණි භාරතයේ පිළිගෙන
තිබුණු නීති මුල හතරක් කෞටිල්‍ය අර්ථ ශාස්ත්‍රයේ සඳහන් වේ. එනම්,
ධර්ම චාරිත්‍ර ව්‍යවහාර රාජශාස්ත්‍ර
යනුවෙනි.ධර්මය පමණක් නොව චාරිත්‍ර රැකීමද ජනතාව රජුගෙන්
බලාපොරොත්තු විය. කිසියම් අවස්ථාවකදී රජු චාරිත්‍ර පසෙකලා ධර්මය මුල් කර යම්
කටයුත්තක් කලේද ජනතාව ඊට එරෙහි විය. මහා විහාරික භික්ෂුන් පිළිබඳ උපන් සැකය
හේතුවෙන් උන්වහන්සේලාට දන්දීම තහනම් කරමින් මහසෙන් රජු නීතියක් පැනවූ අවස්ථාවේදී
රජුගේම ප්‍රබල ඇමතිවරයකු ඇතුළු මහජනයා ඊට එරෙහි විය. අවසානයේදී රජුට නීතිය නිශ්ප්‍රභ
කරමින් මහජන මතයට ගරු කිරීමට සිදුවිය.
ඉන්දියාවේ මෙන් නොව
ලංකාවේ වඩාත් වැදගත් හා ප්‍රමුඛතාවය ලැබී ඇත්තේ රාජාඥාවට නොව ධර්ම හා චාරිත්‍ර යන දෙකොටසටයි. රජුට ස්වකිය බලය රදවාගත
හැක්කේ රජු මහජන මතයට ගරු කරන්නේ නම් පමණි. රටේ නීතිය හා සම්බන්ධ තත්වයද එසේමය. මේ
අනුව පුරාතන ලංකාවේ තිතියට පාදක වුයේ මුලික වශයෙන්ම චාරිත්‍ර හා ධර්මයයි.
පැරණි සිංහල නීතියට පාදක
වූ නීති මුල පිළිබඳව කතා කරන බොහෝ විද්වතුන් අවධානය යොමුකර ඇත්තේ චාරිත්‍ර කෙරෙහි
පමණි. මොවුන් එකී නීති මුල වර්ගීකරණය කර ඇත්තේද සිරිත් පදනම් කරගෙනය. පසු කාලීනව
ලංකා සමාජයට විදේශීය බලපෑම් ඇති වන්නට පටන්ගත් තැන් පටන් වෙනත් ආගමික ලක්ෂණද (
විශේෂයෙන්ම හින්දු හා ශිව වැනි) චාරිත්‍ර හා වාරිත්‍ර නිත්‍ය කෙරෙහි බලපෑවේය.
පැරණි ලංකාවේ නීතිය සකස් වීමට බලපෑ නීති පිළිබඳ
අධ්‍යයනයක යෙදුනු ආචාර්ය M.C.S. ජයසේකර මහතා නීති මුල හතක පෙන්වා දෙනා අතර “
පුරාතන ලංකාවේ නීතිය හා අධිකරණය" ග්‍රන්ථයේ පී.මනම්පේරි
මහතා නීති මුල හයක් දක්වා ඇත.
ශ්‍රී ලංකාවේ නීති ක්‍රම
සකස් වීම කෙරෙහි භාරතීය නීති ක්‍රම හා සිරිත් විරිත් ද බලපෑවේය. උත්තර භාරතීය
චාරිත්‍ර හා නීති ක්‍රමයන්හි අභාෂය මෙරටට ලැබුනේ මුලිකවම ශාක්‍ය,මෝරිය, හා ලම්භකරන
යන ක්ෂත්‍රිය රජ දරුවන්ගෙනි. විටින් විට ලංකාවට පැමිණි මෙම පිරිස් මෙරට පාලකයෝ
වුහ. ශ්‍රී ලංකාවේ ජලාශ්‍රිත
ශිෂ්ටාචාරයේ මහා පරිමාණයේ වැව් නිර්මාණයේ ආරම්භක
පුරෝගාමියා වූ වසභ රජු ලම්භාකරන වංශිකයෙකි. සිංහලයේ පුද්ගලික නීතිය යටතේ විවාහක
කාන්තාවන් සතු පුද්ගලික දේපල භුක්තිවිදීමේ නිදහස විකාශනය වී ඇත්තේ ශාක්‍ය මුලාශ්‍ර
වලිනි. වර්තමානයේ පවා දක්නට ලැබෙන ඇවැස්ස සොහොයුරා හෝ සොහොයුරිය සමග විවාහ වීම
හෙවත් ඇවැස්ස විවාහය මෙරට චාරිත්‍රවලට එක් වුයේ ශාක්‍ය චාරිත්‍ර වලිනි. මෙවැනි
සිරිත් ලාංකාවට අනුගත වුවා පමණක් නොව නීති ක්‍රමයටද එක්විය. විවාහ නීතිය යටතේ
විවාහය දේපල හිමිකාරිත්වය හා අනුප්‍රාප්තිය අයිතිය සම්බන්ධයෙන් වැදගත් වේ. එමෙන්ම
මෙරටට පැමිණි ලම්භකරන හා ක්ෂත්‍රිය ධර්මවල අභාසය ලංකාවේ නීති ක්‍රමය නිර්මාණය වීමට
බලපෑවේය.
පැරණි ලංකාවේ නීතිය
සකස්වීමට දක්ෂිණ භාරතීය සිරිත් විරිත් හා සම්ප්‍රධයන්ද බලපෑවේය. දකුණු ඉන්දීය
අභාසයට ලංකාව මුලිකවම ගොදුරු වුයේ විටින් විට එල්ල වූ චෝල, පාණ්ඩ හා කාලිංග ආක්‍රමණ නිසාය. එමෙන්ම සිංහල නීති
යටපත් කොට ද්‍රවිඩ නීති ක්‍රියාත්මක වීමටද ඉඩ තිබුණි. පළමුවෙනි විජයබාහු රජු සොළින්ගෙන්
රටා මුදවාගෙන පිරිහෙමින් පැවතී අධිකරණ ක්‍රමය යළි නගාසිටුවා ඇත. බ්‍රිතාන්‍යයන් 19
වන සියවසේ මැද භාගයේ දී පමණ අහෝසි කරන තෙක් මෙරට පැවතී සිංහලයන්ගේ පුද්ගලික නීති
ක්ෂේත්‍රයේ අංගයක් වූ බහු පුරුෂ සේවනය මෙරට ස්ථාපිත වුයේ දකුණු ඉන්දීය අභාසයේ ප්‍රතිඵලයක්
වශයෙනි.
එමෙන්ම ලක්දිව නීතිය
සකස් වීමට බලපෑ මුලයන් ලෙස බුදුදහම හැඳින්විය හැකිය. රටක නීතිය සකස් වීම කෙරෙහි
ආගම ඍජුවම බලපාන නීති මුලයක් බව වර්තමානයේදී නීති විද්‍යාව තුළ ඊට දී ඇති වැදගත්කම
තුලින් පසක් වේ. බුදුන් වහන්සේගේ ධර්මය සංවිධානාත්මක ආගමකි. විවිධ ජාති ,කුල හා ප්‍රදේශ
වලට අයත් වුවෝ උන්වහන්සේගේ සංඝ සමාජය තුළ විය. මේ නිසා සංඝ නම් එකම ආයතනය තුළ
විවිධතා ඇතිවීම වැලැක්වීමටත් එහි මනා පාලනයක් අරමුණු කර නීති පද්ධතියක් ඇති කළහ.
ඒවා විනය නීති නම් විය. විනය නීති සම්පාදකයා වුයේ බුදුන්වහන්සේය.
බුදුසමයේ අභාසය නිසා අධිකරණ
කටයුතු වලදී රජුට කිසියම් ප්‍රමාණයක බලපෑමක් කිරීමට පවා භික්ෂුන්ට හැකිවිය. ඇතැම්
අවස්ථාවලදී යුක්තිය පසිදලීමේ කටයුතු සම්බන්ධව ගිහිපැවිදි දෙපක්ෂයේම විනිසුරුවන්
ලෙස ක්‍රියාකළේ භික්ෂුන් වහන්සේලාය. භාතිකාභය රජු සමයේදී (ක්‍රි.ව. 22- ක්‍රි.ව.7)
සිදු වූ එක්තරා සිදුවීමක් අරභයා දුන් තීන්දුව කෙරෙහි පැහැදුණු රජු ගොධගත්තතිස්ස
තෙරුන් ගිහිපැවිදි දෙපක්ෂයේම ආරවුල් විසදීමට පත් කළේය.
බෞද්ධයකුගේ නිත්‍ය ශිලය
පංච ශිලය බව බුදුරදුන් දේශනා කර ඇත. මේ නිසාම ප්‍රණගාතය හා තහනම් වෙළඳාම රටා තුළ
නොකිරීමට බෞද්ධ රජවරු වග බලා ගත්හ. සතුන් නොමැරීම සම්බන්ධයෙන් වූ “ මාඝාතය” ආඥාව
රජවරු කිහිපදෙනෙකු විසින්ම පනවා තිබුණි. ආමන්ඩගාමිණී අභය රජු( ක්‍රි.ව.633-ක්‍රි.ව.643)
සතුන් නොනසනු පිණිස ආඥාවක්ද කෙරවිය. එමෙන්ම පස්වන අග්බෝ රජු( ක්‍රි.ව. 718-724)
පොහෝ දිනවල මත්ස්‍ය මාංශ සුරා ආදී දේ ස්වකිය ඇතුළුනුවරට ගෙනඒම වැලැක්විය. ඇතැම්
රජවරු වැව් වල මාළු ඇල්ලීමද තහනම් කොට පනවා තිබු බවට සෙල්ලිපි සාක්ෂි දරයි.
නීතිරීති පමණක් නොව
දණ්ඩන සම්බන්ධයෙන්ද බුදුදහම බලපෑවේය. බුදුන්වහන්සේගේ විනය පිටකයෙහි සංඝයා අනුගමනය
කළයුතු නීතිරීති සඳහන් කළ අතරම එකී නීති කැඩූවන්ට දියයුතු දඩුවම් ද සඳහන් කළේය.
එකී දඩුවම් ශාරීරික නොවීය. එම දඩුවම් අතර පාරාජිකා යනුවෙන් බරපතල දඩුවම් සතරක්
විය. මීට අමතරව සප්ත අධිකරණ යනුවෙන් ගැටුම් ඇතිකර ගැනීම වැනි වැරදි කළ භික්ෂුන්ට
දෙනු ලබන දඩුවම් ක්‍රම හතක සඳහන් වේ. බුදුන්වහන්සේ අවිහිංසාවාදී දඩුවම් ක්‍රම
රජවරුන්ගේ දණ්ඩන නියමයන් කෙරෙහිද බලපෑවේය. මේ නිසාම ඇතැම් රජවරු දැඩි දඩුවම්
දීමටත්,තවකෙකු මුළුමනින්ම දඩුවම් දීමටත් මැලිවුහ. සිරිසඟබෝ රජු නිරවි පාලන ප්‍රතිපත්තියක්
අනුගමනය කරන බෞද්ධ චක්‍රවර්ති රජෙකු සේ ක්‍රියා කරමින් මරණ දඩුවමට නියම වූ
අපරාධකරුවන් නිදහස් කොට ඒ වෙනුවට මළමිනී ගෙනවිත් දවාලු බවත් මහාවංශයේ සඳහන් වේ.
පැරණි ලක්දිව නීතියට
පාදක වූ නිතිමුල අතර පෙරසිරිත් හෙවත් පුර්ව චාරිත්‍ර ද වැදගත් විය. පාලියෙන් “
පුබ්බ චාරිත්‍ර” යනුවෙන් හැඳින්වෙන පෙරසිරිත් යනු පුර්වයේදී අනුගමනය කළ හා
පසුකාලීනව ද භාවිතයට ගත් පෞරාණික ප්‍රතිපත්තින්ය. සිංහල ක්‍රමයට සිරිත් යනු යහපත්
පැවැත්මයි. පැරණි ලක්දිව නීතියේ මුලික ලක්ෂණය වුයේ පෙර සිරිත් රැකීමය.රජවරුන්ගේ
අනිවාර්ය යුතුකම් අතර පෙර සිරිත් රැකීම මුලික වූ බව “ වංස කතා" හා අභිලේඛන මුලාශ්‍ර
වලින් පෙනේ. මහාචාර්ය විල්හෙලම් ගයිගර් දක්වන ආකාරයට “ ඉතාම හොඳින් ස්වකිය කාර්යභාර්ය
හා වගකීම් ඉටුකිරීමට බැඳී සිටින රජු කිසිවිටෙකත් පැරණි සිරිත් හා සම්ප්‍රධායන්
නොසලකා නොහරින්නේය. මහාවංශයට අනුව බොහෝ රජවරුන් පෙර සිරිත් හා සම්ප්‍රධායන්
අනුගමනය කළ බවත්, එකී රජවරු ධාර්මික රජවරු ලෙසත් හඳුන්වා තිබේ.
රජු විසින් පෙරසිරිත්
රැකීම ජනතාව පවා අපේක්ෂා කළ දෙයකි. පෙරසිරිත් කඩ කිරීම නිසා තුන්වන උදය රජු ජනතා
අප්‍රසාදයටත් විරෝධයටත් ලක්විය. සාමාන්‍යයෙන් පෙරසිරිත් පෙරසිරිත් වලට බුදුසමය හා
බැඳුනු සිරිත්, ප්‍රදේශික සිරිත්, විවිධ ජන කොටස්වල සිරිත් ආර්යයන්ගේ අභාසයද
සිරිත් පමණක් නොව රාජආඥා ද ඇතුලත් විය. මේ ආකාරයට
ලංකේය නීතිය බිහිවීමේ නිතිමුලාශ්‍ර හඳුනාගත හැකිය.
ස්තූති අක්කේ ආර්ටිකල් එකකට ගොඩක් උදවු වුණා මේ ලියමන
ReplyDeleteවර්ණ: පැරණි ශ්‍රී ලංකාවේ නීතිය සැකසීමට පාදක වූ නීති මුල >>>>> Download Now
ReplyDelete>>>>> Download Full
වර්ණ: පැරණි ශ්‍රී ලංකාවේ නීතිය සැකසීමට පාදක වූ නීති මුල >>>>> Download LINK
>>>>> Download Now
වර්ණ: පැරණි ශ්‍රී ලංකාවේ නීතිය සැකසීමට පාදක වූ නීති මුල >>>>> Download Full
>>>>> Download LINK