කාන්තාරයේ වැලිකදුවල
සටන්වදින ඉරාන නින්ජා සෙබලියෝ
ඉරාන වැලිකතරේ වැලිකඳු
තරණය කරමින් ඒවා මත සිට එක්වරම සතුරන් දෙසට පැන සටනේ යෙදෙන්නට පුහුණුව ලබන
සෙබලියන් 4000කින් යුතු විශේෂ බල ඇණියක් පිළිබඳ විදෙස් මාධ්‍ය වාර්තා පළකර තිබේ.
නින්ජා බල ඇණියක් ලෙස පුහුණුව ලබන මොවුන් සැගව සිට සතුරන් දෙසට විත් ශබ්ද නොනගින
අයුරෙන් සතුරාගේ ගෙල සිඳ දැමීමට තරම් සුවිශේෂී පුහුණුවකින් යුතු බවට පැවසේ.
1989 වර්ෂයේ ඉරානයේ
ටෙහෙරාන් නුවරට සැතපුම් 25ක් දුරින් පිහිටි ජුග්හින් කදවුරේ මෙම භට කණ්ඩායම ප්‍රථමයෙන්
පිහිටුවා ඇත. මොවුන් හඳුන්වන්නේ කුනොයිච් (Kunoichi) යන නාමයෙනි. මොවුන්ගේ පුහුණු
උපදේශිකාව වන ෆාතිමා මවුවර් පවසා සිටින්නේ මෙම සෙබළියන්ගේ ශරීරය හා මනස සමබර කර
ගනිමින් මෙම සටන් කලාව ප්‍රගුණ කිරීම සිදුකරන බවයි. එසේම ඔවුන්ට පුහුණු කරන ප්‍රධාන
ඉගැන්වීම වන්නේ මානුෂවාදී කටයුතු කිරීම වන බවත් ඇය විදෙස් මාධ්‍යයට සඳහන් කළාය.
ප්‍රථමයෙන් තමන්ගේ
ජිවිතයට ගරු කිරීමටත්, සන්සුන් මනසින් යුතුව කටයුතු කිරීමටත් ඔවුන්ව පුහුණු කෙරේ.
මොවුනට ඉතා අනතුරුදායක අවි කිහිපයක්ම භාවිතයට ගනිමින් සටන් කරන ආකාරය පුහුණු කෙරේ.
මේ වනවිට මෙම නින්ජා බල
ඇණියේ ඉරාන සෙබලියන් 24,000ක් පමණ සිටින බව වාර්තා වේ. මෙම නින්ජා සටන් ක්‍රම 1185
හා 1868 වර්ෂවල ජපන් යුධ සමයේ භාවිත කර ඇති අතර ෆාතිමා මවුවර් වැඩි දුරටත් පවසන්නේ
තම සෙබලියන් සිවිල් ජීවිතයේදී කවරෙකුගේ පණ නැසීමට මෙම සටන් ක්‍රම භාවිතයට ගැනීමට
නොපෙළඹෙන මට්ටමට ඉතාහොඳ විනයක් පුහුණුව තුළ ලබාඇති බවයි.
(උපුටා ගැනීමකි)
No comments:
Post a Comment