නැගෙනහිර ජෝර්දානයට
මායිම්ව හා බටහිරින් ඊශ්‍රායලයට මායිම්ව පිහිටා තිබෙන මළ මුහුද,ලුණු මුහුද ලෙසද
හැඳින්වේ. එය පෘථිවියේ ඇති අද්විතීය ස්ථානවලින් එකක් ලෙස හැඳින්විය හැකිය.මෙහි ගැඹුර අඩි 1237(
මීටර 337ක්) පමණ වන අතර,මෙය අධික ලවණතාවකින් ද සමන්විත වේ. මෙහි සෝඩියම් ක්ලෝරයිඩ්
හා වෙනත් ඛනිජ ලවණද සැලකිය යුතු සාන්ද්‍රණයක් අඩංගු බවට සොයාගෙන තිබේ.මෙහි පළලින්
වැඩිම තැන කිලෝමීටර 18ක් හා දිගින් වැඩිම තැන කිලෝමීටර 67ක් වේ. එය ජෝර්දාන් Rift
නිම්නය තුල පැවති.මළ මුහුදේ ප්‍රධාන අතු ගංගාව වන්නේ ජෝර්දාන් නදියයි. මළ මුහුදේ
අසාමාන්‍ය ලුණු සාන්ද්‍රණය හේතුවෙන් මිනිසුන්ට එහි පහසුවෙන් පාවිය හැකිය.
අනෙක්
සාගර වලට වඩා දළ වශයෙන් 8.6 ගුණයක් ලවණතාවයෙන් වැඩිය. මෙය එක්සත් ජනපදයේ ඌටා හි
Great Sail Lakeට සමාන වේ. ලෝකයේ ලවණතාවයෙන් වැඩිම මුහුද ලෙස මෙය හඳුන්වයි. ඒ මෙහි
මුහුදු ජලය සමග 33.7% ලවණ මිශ්‍ර වී තිබීම හේතුවෙනි. මෙහි ඇති අධික ලවණ සාන්ද්‍රණය
නිසාවෙන් බැක්ටීරියා වර්ගවලට හැර එහි කිසිදු ජීවියෙකුට හෝ පැළෑටියකට ජීවත්වීමට
හැකියාවක් නොපවතී. “මළ මුහුද” ලෙස නම් වීමටද හේතු වී ඇත්තේ එම කරණාවමය.
ඖෂධීය ගුණය අතින් ගත්
විට මළ මුහුදට දිගු ඉතිහාසයක් තිබේ.මෙහි ඇති මඩවල සුවපත් කිරීමේ සුවිශේෂී ගුණයක්
ඇති සැලකේ. එබැවින් ඇරිස්ටෝටල් ,සලමොන් රජු හා ක්ලියෝපැට්රා රැජින පවා අතීතයේ තම
නිරෝගී භාවය රැක ගැනීමට මළ මුහුදේ ජලය සහ මඩ භාවිත කළ බව සඳහන් වේ.
මළ මුහුදේ
වත්මන් අනුපාතය පහත වැටීම දිගටම සිදු වුවහොත් එය වසර 2050 වනවිට අතුරුදහන් වනු ඇති
බවට ජෝර්දානයේ පරිසරවේදීන් අනතුරු අඟවා තිබේ.
(උ.ගැ.)
යම් විශ්වවිද්‍යාලයක එකම කණ්ඩායමක පිරිසක් විසින් මෙම බ්ලොග් සමූහය කරනු ලබන බව පෙනේ. එය අතිශය සතුටට කරුණකි. බ්ලොග් වල දිගු ගමණක් යන්නට සියළු දෙනාටම සුභ පතමි. පැරණි බ්ලොග් කරුවන්ගේ බ්ලොග් කිහිපයක් කියවීමෙන් ඔබගේ සිංහල බ්ලොග් සම්බන්ධ දැනුම වර්ධනය කර ගත හැකි වෙතැයි සිතමි.. සියල්ලන්ටම ජය වේවා..
ReplyDeleteවර්ණ: මළ මුහුද පිළිබඳව වැදගත් කරුණු කිහිපයක්....... >>>>> Download Now
ReplyDelete>>>>> Download Full
වර්ණ: මළ මුහුද පිළිබඳව වැදගත් කරුණු කිහිපයක්....... >>>>> Download LINK
>>>>> Download Now
වර්ණ: මළ මුහුද පිළිබඳව වැදගත් කරුණු කිහිපයක්....... >>>>> Download Full
>>>>> Download LINK