Total Pageviews

Monday, July 10, 2017

ශරීරය පුංචි වුනත් , හිත පුංචි නැති බසෝරි ලාල්



බසෝරි ලාල් දෙස පිටුපසින් දකින අයෙකුට අනුව නම් ඔහු ඉතා කුඩා දරුවෙකි. නමුත්, ඔහු ඉදිරියෙන් දකින අයෙකුට ඔහු තුළ පැහැදිලි වෙනසක් දැකිය හැකිය. අඟල් 29ක උසින් යුතු මේ ඉන්දීය ජාතිකයාගේ වයස අවුරුදු 50කි.

ඉන්දියාවේ මාධ්‍ය ප්‍රදේශ් හි කුඩා ගම්මානයක ජිවත් වන ලාල් මේ වනවිට එම පළාතේ සුපිරි තරුවක් යයි පැවසීමේ වරදක් නැත. කුඩා අවධියේදී බොහෝ දෙනාගේ උසුළු විසුළුවලට ලක් වුවත්,අද ලාල්ට ආදරය නොකරන්නෙකු නොමැති තරම්ය. ඔහුගේ මුහුණේ රැඳී  සිනහවට ඒ ගම්මානයේ මිනිසුන් දක්වන්නේ පුදුම ඇල්මකි. ඔවුන් සියලු දෙනා පවසන්නේ ලාල් යනු නිතර මුහුණේ සිනහවක් රැදුණු හොඳ මිනිසෙකු බවයි.

තම සහෝදරයාගේ හා ඔහුගේ බිරිදගේ සෙවණේ වැඩෙන ලාල් කුඩා දරුවෙකු සේ බලාගන්නේ ඔහුගේ නෑනාය. ඔහු නෑවීම, කැවීම මේ සෑම දෙයකටම ඉදිරිපත් වන නෑනා කුඩා දරුවකු සේ තම ස්වාමියාගේ අඟුටුමිටි සහෝදරයා උකුලේ තියාගෙන ඇවිදින ආකාරය ඒ ගම්මානයේ අයට පුදුම කරුණක් නොවේ.

55 හැවිරිදි වියේ පසුවන ලාල්ගේ සහෝදරයා පවසන්නේ ලාල් ඔවුනට දෙවියන්ගෙන් ලද ත්‍යාගයක් බවයි. බොහෝ දුරබැහැර සිට මිනිසුන් ලාල් බැලීමට පැමිණෙන බව ඔහු කියයි.
“ මගේ උස මට ප්‍රශ්නයක් නෙමෙයි. මම වැඩ කරනවා. ජිවත් වෙනවා.නිදියනවා. සාමාන්‍ය අයෙක් වගේ ආහාර ගන්නවා. මොනවා වුනත් මම හොඳින්. මාගේ උස හින්දා මට කිසිම ප්‍රශ්නයක් නෑ.”නමුත් ඔහු උසින් ඉතා කුඩා වුවද ඔහුගේ වයසත් සමග මුහුණ වයසට යෑම නිසා අපුර්වත්වයක් ඒ ශරීරය තුල සංකලනය වී ඇති ආකාරය දැකිය හැකිය.
ශරීරය නිසියාකාරව වර්ධනය නොවීමේ රෝගී තත්වයකින් පසු වී ඇති ලාල්ට එවකට ඒ සම්බන්ධයෙන් නිසි ප්‍රතිකාරයක් ලබා ගැනීමට නොහැකි වුවත් අද ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පරික්ෂාවට ලක් කිරීමට ස්වේච්ඡාවෙන්ම වෛද්‍යවරු සහය වීමද විශේෂත්වයකි. “ මට විවාහයක් කරගන්න උවමනාවක් නෑ. මට ඕනෑ මම අද කරගෙන ඉන්න විදියටම වැඩ කරගෙන ඉන්න. ඒ වගේම මගේ සහෝදරයා සමග ජිවත් වෙන්න.

(උ.ගැ.)



1 comment:

  1. වර්ණ: ශරීරය පුංචි වුනත් , හිත පුංචි නැති බසෝරි ලාල් >>>>> Download Now

    >>>>> Download Full

    වර්ණ: ශරීරය පුංචි වුනත් , හිත පුංචි නැති බසෝරි ලාල් >>>>> Download LINK

    >>>>> Download Now

    වර්ණ: ශරීරය පුංචි වුනත් , හිත පුංචි නැති බසෝරි ලාල් >>>>> Download Full

    >>>>> Download LINK

    ReplyDelete