Total Pageviews

Monday, July 17, 2017

Liberty Island දුපතේ පිහිටි ලිබර්ටි ප්‍රතිමාව



නිව්යෝර්ක් හි වරාය මධ්‍යයේ පිහිටි Liberty Island නම් කුඩා දුපතක නිමවා තිබෙන ලිබර්ටි ප්‍රතිමාව(Statueof Liberty) ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික සිහිවටනයක් ලෙස සලකනු ලබයි. ඇමරිකා විප්ලවය සමයේ ප්‍රංශය හා ඇමරිකාව අතර ඇති වූ මිතුදම සංකේතවත් කිරීම සඳහා 1866 ඔක්තෝබර් 28 දින ප්‍රංශය විසින් ඇමරිකාවට මෙය ප්‍රදානය කර තිබේ.මෙය ෆෙඩ්රික් ඕගස්ට් බර්තෝල්ඩ් නම් වූ ප්‍රංශ ජාතික මුර්ති ශිල්පියා විසින් නිර්මාණය කරන ලද්දකි. මෙහි පාදස්තලය සෑදීමේ වගකීම ඇමරිකාවට පැවරුණු අතර,ප්‍රතිමාව නිර්මාණය කිරීමට ප්‍රංශයට පැවරුණි. ප්‍රතිමාව ප්‍රංශයේදී කොටස් වශයෙන් නිපදවා ඇමරිකාවේදී එකලස් කිරීමට තීරණ කෙරිණි. මේ සඳහා අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන සොයා ගැනීමට දෙරටටම මහත් වෙහෙසක් දැරීමට සිදු වූ අතර , ඒ සඳහා ලොතරැයි දිනුම් ඇදීම,කලා ප්‍රදර්ශන පැවැත්වීම, භාණ්ඩ වෙන්දේසිය ආදිය සිදුකෙරිණි.

බර්තෝල්ඩ් (Bartholdi) මහතාට ප්‍රතිමාව නිම කිරීමේ කටයුතු සඳහා සුප්‍රකට ප්‍රංශයේ අයිෆල් නිර්මාණකරු වූ ගස්ට්වේ අයිෆල්(Gustvave Eiffel) මහතාගේ සහය ද හිමිවිය. මෙය 1884 ජූලි මාසය වනවිට ප්‍රංශයේදී සාදා නිමකරන ලද අතර, එය කොටස් 350කත පමණ වෙන්කර ලෑලි පෙට්ටි 214ක බහා නැව් මාර්ගයෙන් 1885 ජූලි මාසයේදී නිව්යෝර්ක් නගරයට ගෙන ආවේය. 1886 අප්‍රේල් මාසය වනවිට මෙහි පාදමද සාදා නිම කෙරුණි. ඉන්පසු ඒ මත ප්‍රතිමාව එකලස් කිරීම ඇරඹුණි. 1886 ඔක්තෝබර් 28 දින මහත් උත්සවශ්‍රීයෙන් ලිබර්ටි ප්‍රතිමාව විවෘත කෙරිණි.
ලිබර්ටි ප්‍රතිමාව පොළොවේ සිට මුදුනත ගිනිසිළුව දක්වා සම්පුර්ණ උස අඩි 305 අගල් 1 (මීටර 93) පමණ වේ.අභ්‍යන්තර සැකිල්ල ලෝහයෙන් සාදා ප්‍රතිමාව මිලිමීටර 2.5 පමණ ඝනකම් කෝපර් (cooper) ලෝහයෙන් නිමවා තිබේ. ලිබර්ටි ප්‍රතිමාව කොළ පැහැයක් ගන්නේ මෙම කෝපර් ලෝහය නිසාවෙනි.මෙම ප්‍රතිමාවෙන් රෝම දෙවගනක් වන නිදහසේ දෙවගන නිරුපනය වන බව සැලකේ. දකුණත රැඳී ගිනි සිලුවෙන් අවබෝධයත් වමත රැඳී පොතෙහි ඇමරිකාවේ නිදහස් කෙටුම්පත සකස්කළ දිනය වූ 1776 ජූලි 4 දින කොටා තිබෙන අතර ,පාදයේ ඇති බිඳී දම්වැල මගින් කෘර පාලනයෙන් සහ වහල් බැවින් සංකේතවත් වන බව පැවසේ.

                                                                                                         (උ.ගැ.)


No comments:

Post a Comment