සුදුලුනු ඖෂධයක්ද?
කුළුබඩුවක්ද?
සුදුලුනු ඖෂධයක්ද?
කුළුබඩුවක්ද?
සුදුලුනු සතු ඖෂධීය
ගුණාංගයන් හේතුවෙන් බොහෝදෙනා එය කුළුබඩුවක් යැයි පිළිගැනීමටද මැලිකමක් දක්වයි. ඒ
සුදුලුනු කුළුබඩුවක් යැයි පැවසුවහොත් එහි පවතින ඖෂධීය ගුණයට කරන අසාධාරණයක් යැයි
සිතන නිසාවෙනි. සුදුලුනු අතීතයේ සිටම විවිධ රෝග නිවාරණය සඳහා ඖෂධයක් ලෙස භාවිත කළ
බවට සාක්ෂ්‍ය හමුවේ. උදාහරණයක් ලෙස මානව ශිෂ්ටාචාරයේ ආරම්භයේ සිටම මිනිසා සුදුලුනු
භාවිත කොට තිබේ.එනම්, දැනට ඉරානය හා ඉරාකය වශයෙන් අප හඳුනන යුප්‍රටීස් හා ටයිග්‍රීස්
යන නම් වූ ගංගා අසබඩ පෙදෙස් මිනිස් ශිෂ්ටාචාරයේ ආරම්භය හා ඉතිහාසඥයන් සම්බන්ධ
කරයි. ක්‍රි.පූ.3000 තරම් ඈත අතීතය කරා දිවෙන මැටි ඵලක කිහිපයක සුදුලුනු පිළිබඳ
මුල් ම සටහන් සොයා ගෙන ඇත. ආහාරයක් සේ, තේ පැනයක් සේ සේ සුදුලුනු යොදාගෙන ඇති බව
එහි සඳහන්ය. තවද , සිරුරට ප්‍රාණවත් ගතියක් ලබා ගැනීම සඳහා වයින් මුසුව ද උණ,
පාචනය වැනි රෝග සඳහා ප්‍රතිකාරයක් වශයෙන්ද එකල සුදුලුනු භාවිත කළබව එම මැටි
ඵලකවලින් සොයාගෙන ඇත. මීට අමතරව අවුරුදු 5000 තරම් පැරණි ඉන්දීය සංස්කෘතික ලේඛන
රැසකත්, පැරණි ෆොරෝ (සමහරුන් පාරාවෝ) නමින් හඳුන්වන රජ දරුවන් දවස හා චීනයේ සම්ප්‍රධායික
වෛද්‍ය ක්රමයන්හි ද සුදුලුනු ඖෂධයක් ලෙස භාවිත කළ බව සඳහන් වේ.
මේ ආකාරයට විවිධ කාලවලදී
සුදුලුනු ඖෂධයක් ලෙස යොදා ගෙන ඇතිබව පෙන්වා දිය හැකිය. සුදු ලුණු වල කායික විද්‍යාත්මක
බලපෑම් අධ්‍යයනය කිරීම සඳහා පසුගිය දශක කිහිපය තුළ විවිධ විද්‍යාඥයන් විසින් සතුන්
හා මිනිසුන් යොදා පර්යේෂණ විශාල සංඛ්‍යාවක් සිදුකර ඇත. මේ වන විට සුදුලුනු වල
කායික විද්‍යාත්මක ගතිගුණ පිළිබඳ පොදු
කරුණු රැසක් (එකගතාවකට පත්ව ඇත) ඉස්මතු වී තිබේ. සුදුලුනු මගින් ප්‍රදර්ශනය
කෙරෙන එම කායික විද්‍යාත්මක බලපෑම් හා ඒවා පිළිබඳ විද්‍යාත්මක පසුබිම ආදිය පිළිබඳ
කරුණු සමහරක් පහත දැක්වේ.
·
සුදුලුනු හා පිළිකා
පිළිකාව මාරාන්තික, සංකීර්ණ රෝගයකි. එය සංකීර්ණ
රෝගී තත්වයක් වන්නේ පිළිකා ප්‍රභේද ඒවායේ ස්වභාවය,වර්ධන වේගය,ඖෂධ වලට දක්වන්නාවූ
සංවේදීතාවය රෝගියාගෙන් රෝගියාට වෙනස් බවක් ප්‍රදර්ශනය වීම නිසාවෙනි. ඈත අතීතයේ ද
පිළිකා රෝගී තත්වයන් ගැන සඳහන් වුවද එය අද තරම් බහුලව ව්‍යාප්ත වූ එකක් නොවීය. ග්‍රීක
වෛද්‍යවරයකු වූ හිපොක්රැටී මීට වසර 2000කත පෙර පිළිකාව සඳහා සුදුලුනු නිර්දේශ
කරතිබේ. සුදුලුනු සතු පිළිකා නිවාරණ ශක්තිය ගැන ලොව පුරා මේවන විට සිදුකළ පර්යේෂණ
වලින් හෙළි වී ඇත්තේ සුදුලුණු සතු පිලිකාඇතිවීම වැළක්වීමේ හැකියාවයි. අයෝවාහි ස්ත්‍රී
සෞඛ්‍ය අධ්‍යයනය නම් වූ ප්‍රකට ඇමරිකානු අධ්‍යයනයද සුදුලුනු වල සුවිශේෂී වූ පිළිකා
වැළක්වීමේ ශක්තිය තහවුරු කරයි. එමෙන්ම ආහාර මාර්ගයේ පිළිකා ඇතිවීම වැලක්වීමට ඇති
එකම ආහාරය සුදුලුනු බවත්, නිතිපතා සුදුලුනු ආහාරයට ගැනීමෙන් ආහාර මාර්ගයේ පිළිකා
ඇතිවීමේ අවධානම 35% කින්ද ගුද මාර්ගය පෙදෙසේ පිළිකා ඇතිවීම 50% කින්ද අඩුවන බවය.
සුදුලුනු වල පවතින විවිධ සංඝටක පිළිකා වර්ධනය නිශේධනය කිරීම මෙයට හේතුවක් ලෙස
පර්යේෂණ වලින් තහවුරු වී තිබේ.
·
සුදුලුනු හා ගර්භනි බව
ගර්භනී කාලය තුල ස්ත්රීන්ගේ
රුධිර පීඩනයේ ඉහළ යාමක් සිදුවන අතර මුත්‍රා වල ප්‍රෝටීන ප්‍රමාණයේ ඉහළ යමක් ඇති
වේ. මෙය වෛද්‍ය විද්‍යාඥයන් හඳුන්වන්නේ පුර්ව ගැබ් වලිප්පුව(pre-eclamsia) නමිනි. සුදුලුනු
භාවිතයෙන් මෙම තත්වය බොහෝදුරට මග හරවා ගත හැකි බව පෙන්වා දේ. මේ නිසා අඩු බරැති
දරුවන් බිහිකිරීමද( උපතේදී) වලක්වා ගත හැකි බවත්, දැරූ උපතේදී සිදුවන සංකුලතාවන
අවම කරගැනීමටත් සුදුලුනු භාවිතය සුදුසුබව වෛද්‍ය වරුන්ගේ මතයයි.
සුදුලුනු හා සරුතාවය
සුදුලුනු ලිංගික
උත්තේජනයක් සේ ක්‍රියාකරන බවත් දරුඵල නැතිව සිටි විවාහක යුවල කිහිපයකටම දරුඵල ලබා
දීමට සමත් සිදුවීම් කිහිපයක් ගැනම පොත පතෙහි සඳහන් වේ.
·
සුදුලුනු සහ ලේ
කැටිගැසීම
සුදුලුනු වලට රුධිරය
කැටි ගැසීමට ඇති ප්රවනතාවය අඩු කිරීමේ හැකියාවක් පවතී. රුධිරයේ ඇති පට්ටිකා නම්
සියුම් ව්‍යුහයන් රුධිරය සමග නිරතුරුව සිරුර පුරා සංසරණය වීමේදී යම් මැද හෝ
අසාමාන්‍ය බාධකයක් රුධිරවාහිනී තුළ හමුවුවහොත් එහිදී ඒවා ඇලී කැටි ගැසීමේ සංකීර්ණ
වූ ක්‍රියාවලියකට මුල පුරයි. මෙවැනි සියුම් කැටිති රුධිරවාහිනී හරහා සංසරණය වෙත්
දී මොළය වැනි ඉන්ද්‍රියක් තුලදී ලොකු කැටිත්තක් බවට පත් වුවහොත් ස්ඵාරයක් ඇති
වන්නට පුළුවන. හෘදය වස්තුව වැනි ඉන්ද්‍රියක් සම්බන්ධ නම් කිරීම ශ්යානියක් (coronary
thrombosis) ඇති වන්නට පුළුවන. මේවා භයානක තත්වයන්ය. සුදුලුනු මගින් වන්නේ මේ
කැටිති දියකර හැරීමේ රුධිරය සතු ශක්තිය වැඩි කිරීමය.
ලේ කැටිති දියකිරීමේ
සුදුලුනු සතු ශක්තිය පිළිබඳ මුලින්ම අදහස් ඉදිරිපත් වූ විට ඒ පිළිබද විද්‍යාත්මක
පර්යේෂණ ගණනාවක් ලොවපුරා ආරම්භ කෙරිණි. උඩයිපුර්හි ආචාර්ය බෝඩියා හෘදරෝග 22ක් යොදාකරන
පර්යේෂණයේ දී හෙළිවූයේ රුධිරයේලේ කැටිති දිය කිරීමේ හැකියාව 32%කින්, එක් මාත්‍රාවකින්
ම වැඩි වූ බවය.
රුධිරය තුනීවීම කෙරෙහි
සුදුලුනු අමුවෙන් ආහාරයට ගන්නවාද උයා ආහාරයට ගන්නවාද යන දෙකෙහි එතරම් වෙනසක් නැති
බව පර්යේෂණ වාර්තා වලට අනුව පෙනේ. පපුවේ කැක්කුමක් ඇති වූ විට අපේ පැරැන්නන්
මුලින්ම කළේ සුදුලුනු ටිකක් තම්බා බොන්නට දීමය. ඒ රුධිරය තුනී කිරීමේ හැකියාව
සුදුලුනු සතුව පවතින නිසාවෙනි.
සුදුලුනු නිසා ඇතිවන තවත්
බලපැමක නම් සයික්ලෝ ඔක්සිජනෙස් නමැති එන්සයිමය නිසා සෑදෙන ප්‍රෝස්ටග්ලැන්ඩින් E2
හා ප්‍රෝස්ටග්ලැන්ඩින් D2 නමැති සංයෝග සෑදීම නිශේධනය වීමයි. ප්‍රෝස්ටග්ලැන්ඩින්
වූ කලී සිරුරේ ඉතා සුලබව පවත්නා සංයෝග ඛණ්ඩයක් වන අතර ඒවා රුධිර පීඩනය, ලවණ,ජාලය
හා ප්‍රදාහය වැනි සාධක පාලනය කිරීමෙහිලා මුලික වේ.
යම් කෙනෙකු ශල්‍යකර්මයකට
භාජනවිමට අපේක්ෂාවෙන් සිටින්නේ නම් එවැනි ඇය සුදුලුනු භාවිතයෙන් වැලකී සිටීම
වැදගත්ය. ශල්‍යකර්මයකදී ලේ වහනය වීම නැවතීමට ලේ කැටි ගැසීම මනාව සිදුවිය යුතුය.
සුදුලුනු ලේ කැටි ගැසීමට අහිතකර හෙයින් ශල්‍යකර්මයකදී එය අසාර්ථක වෙයි.
·
සුදුලුනු හා වයසට යාම
රෝග රැසක් කෙරෙහි
සුදුලුනු විසින් ප්‍රදර්ශනය කරනු ලබන රෝග නිවාරණ ශක්තිය හැරුණු විට වයසට යෑම ප්‍රමාද
කිරීමට ද සුදුලුනු වලට අපුරු හැකියාවක් ඇති බව මෑතකදී කරන ලද පර්යේෂණවලින් හෙළි වී
තිබේ.වයසට යාම කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකයක් වන්නේ මුක්ත කාංඩ (free redicals) මගින් සෛලවල, සෛල පටලයට හානි පැමිණවීමය. මුක්ත
කාංඩ යනු සෛල පටල තුල අඩංගු මේද අණු මගින් දාම ප්‍රතික්‍රියාවන් හරහා හට ගන්නා
අධික ලෙස ආරෝපිත අනු විශේෂයකි. අපේ සිරුරු තුල සාමාන්‍ය පරිවෘත්තිය ක්‍රියා වලදී
මේ මුක්ත කාංඩ හටගනී. තෙල් වර්ග යොදා
පිළියෙළ කරනු ලබන (උයා) ආහාරවලද මේ මුක්ත කාංඩ බොහෝ අඩංගු වේ. අප වයසට යත්ම සිරුරේ
ඇති මුක්ත කාංඩ ප්‍රමාණයද වැඩි වේ. විටමින් A,B හා E වැනි ප්රතිඔක්සිකාරකවිටමින්
වර්ග ද සෙලනියම් වැනි මුල ද්‍රව්‍යද මුක්ත කාංඩ නිසා ඇතිවන හානියෙන් ආරක්ෂාවක්
ලබාදෙයි.
සුදුලුනු වල මුක්ත කාංඩ
විනාශ කරන ද්‍රව්‍ය අඩංගුය. සෙලනියම් එවැන්නකි.
සාමාන්‍යයෙන් අප ආහාරයට ගනු ලබන දෑ අතර සුදුලුනු ඉහලම සෙලනියම් ප්‍රමාණයක්
අඩංගු වන ආහාරයකි. ඒ හැරුණු විට සුදුලුනු වල ඇති විවිධ රසායනික සංඝටක රැසක්ද ඇති
බව විශ්වාස කෙරේ. එමෙන්ම වයසට යනවිට ඇතිවන මතක ශක්තිය පිරිහිමද
සුදුලුනු නිසා අඩුවන බවද මීයන් යොදා කරන ලද පර්යේෂණවලින් හෙළි වී තිබේ.
· සුදුලුනු හා ලෝහ විෂවීම
වර්තමානයේ අප දැනුවත්ව
හෝ නොදැනුවත්ව විවිධ ලෝහ වර්ග වලට පත්‍ර වේ. සමහරක් සෞඛ්‍යට අහිතකරය. ඊයම්, මර්කරි
හෙවත් රසදිය හා අසනික් මේ අතර ප්‍රධාන වේ. ශීඝ්‍රයෙන් ඉහළ යන පරිසර දුෂණය හේතුවෙන්
විෂයි ලෝහ වලට පත්‍ර වීම හා ඒවා ශරීර ගතවීම වර්තමානයේ ඉහළ ගොස් ඇත. මේ නිසා විවිධ
රෝගී තත්වයන් ඇති වේ. නිදසුනක් ලෙස ඊයම්, රුධිරානු වලට අහිතකර වන අතර මොළයේ සෛල
වලට ද හානි පමුණුවයි. මේ නිසා විශේෂයෙන් කුඩා දරුවනට ඊයම් විෂවීම දැඩි බලපෑමක් ඇති
කරයි.
ලෝහ විෂවීම සඳහා
සුදුලුනු යොදාගත හැකි බව පර්යේෂකයන් ගණනාවක් පෙන්වා දේ. සුදුලුනු යුෂ වලට එහි
බරෙහි දහයෙන් එකකට සමාන ඊයම් හෝ මර්කරි “හිරකර” (trap) තබා ගතහැකි බව ජපන් ජාතික
මහාචාර්යවරයකු වන කිටහරා විසින් වාර්තා කොට ඇත. බල්ගේරියානු මහාචාර්ය පෙට්කෝව් ද
පෙන්වා දී ඇත්තේ කම්හල් සේවකයන් අතර දක්නට ලැබෙන ඊයම් විෂ අඩු කිරීමට සුදුලුනු වලට
කදිම හැකියාවක් පවතින බවයි.
good article
ReplyDeleteවර්ණ >>>>> Download Now
Delete>>>>> Download Full
වර්ණ >>>>> Download LINK
>>>>> Download Now
වර්ණ >>>>> Download Full
>>>>> Download LINK Ad
good one
ReplyDeleteThank u
ReplyDeleteNiyamiii
ReplyDeleteවර්ණ >>>>> Download Now
ReplyDelete>>>>> Download Full
වර්ණ >>>>> Download LINK
>>>>> Download Now
වර්ණ >>>>> Download Full
>>>>> Download LINK