සතුන් පරිසරය හා මිහිපිට ජිවත් වනවිට දී විවිධ මාදිලියේ
චර්යා පෙන්වයි. පහත දැක්වෙන්නේ එවැනි චර්යා කිහිපයකි.
- · ආහාර ලබාගැනීමේ චර්යා
- · ප්‍රජනනයේදී පෙන්වන චර්යා
- · විලෝපියන් පලවා හැරීමේ චර්යා
- · සමාජවාදී චර්යා
ආදී වශයෙනි.
ආහාර ලබාගැනීමේ දී පෙන්වන
චර්යා
උසස් වංශවල සතුන් මෙම
චර්යා බොහෝවිට පෙන්වයි. විලෝපියන්,පක්ෂීන් අතර මෙම චර්යා දැකිය හැකිය. උදාහරණයක්
ලෙස වනාන්තරවල වෙසෙන කොටියන් වැනි විලෝපියන්ගේ ප්‍රධාන ආහාරය වන්නේ වදුරන්ය.
වදුරන් වෙසෙන වෘක්ෂ අසලට ගොස් එම ගස්යට මියගිය සතෙකු ලෙස ඔවුහු වැතිර සිටිති. එවිට
වදුරු රැල මෙකී කොටියා මියගිය සතෙකු යැයි සිතා උගේ ඇග මතින් හෝ ඇත්තෙන් අත්තට
පනිමින් විනෝද වෙති. අවස්ථාව ලද විට හෝ ඔවුන් බිමට වැටුණු විට කොටියා ඉතා පහසුවෙන්
ගොඳුරගනී.
බොහෝ පක්ෂීන් ආහාර
සොයනුයේ රංචු ලෙසය. රංචුවේ එක් පක්ෂියෙකු ආහාර ප්‍රභවයක් දුටුවිට ආහාර ප්‍රභවය කරා
ඌ ගුවනේදී පහත වේ. එවිට, රෑනේ අනෙක් පක්ෂිහුද එකී පක්ෂියා අනුගමනය කරමින් ආහාර ප්‍රභවය
දෙසට පහත වෙති. මොවුන් අතරින් කිහිප දෙනෙකු ආහාර අනුභව කරන අතරතුර අනෙක් පක්ෂීහු
අවට විලෝපික සතුරන් විමසිල්ලෙන් බලා සිටිති.
ප්‍රජනනයේදී පෙන්නුම්
කරන චර්යා
විවිධ සතුන් ප්‍රජනනයේ
හෙවත් තම වර්ගයා බෝ කිරීමේ දී පෙන්නුම් කරන හැසිරීම් මේ යටතට ගැනේ. මෙම චර්යාවල
විවිධත්වය ඉතා අධිකය. එක් එක් සත්ව විශේෂයට එකී හැසිරීම් ලාක්ෂණික වේ. මිනිසා
හැරුණු විට පෘෂ්ඨවංෂින් අතරින් වැඩිම ප්‍රජනන
චර්යා පෙන්නුම් කරනුයේ පක්ෂින්ය.
සමහර සතුන් සංසර්ගයේ
යෙදීමට ප්‍රථම පැය ගණනාවක් හෝ දින ගණනක් විශේෂිත හැසිරීම් රටා පෙන්වයි. එයට
පෙම්කෙලි (courtship) යැයි කියනු ලැබේ. පෙම්කෙලියේ ප්‍රධාන පරමාර්ථය සංසේචනය
තහවුරු කිරීමයි. එය එසේ වුවද පෙම්කෙලියේ අවසානය සංසර්ගය වියයුතු නැත. උදාහරණයක්
ලෙස බොහෝ පක්ෂීන්ගේ ප්‍රජනන ඍතුවේදී දේහය ඉතාමත් වර්ණවත් වේ. එසේම මිහිරි ගී නාද
කරයි.මෙය බොහෝවිට දක්නට ලැබෙන්නේ පිරිමි සතුන් තුළය.
ප්‍රජනන ඍතුවේදී පිරිමි
ගෙම්බන් සිය ඝෝෂක මඩි ආධාරයෙන් ශබ්ද නගා ගැහැණු සතා වෙත තමා සිටින ඉසව්ව දක්වයි.
එවිට ගැහැණු සතුන් එම පිරිමි සතුන් ඇති ස්ථාන කරා ගමන් කරති. එවිට ජලයේ දී පිරිමි
සතා සිය මෛථුන උපාධාන ආධාරයෙන් ගැහැණු සතා බදාගනී. අනතුරුව පිරිමි සතා ශුක්‍රානුත්
ගැහැණු සතා ඩිම්බත් එකම විට ජාලයට නිදහස් කරති.
තවද ප්‍රජනනයේ දී
ගොනුස්සන්ගේ චර්යාව නිරීක්ෂණය කරන විට ඔවුන් ඉතා දිගු වේලාවක් පෙම්කෙලියේ යෙදී අවසානයේදී
සංසර්ගයේ යෙදෙති. අනතුරුව ගැහැණු සතා විසින් පිරිමි සතා ගොදුරක් බවට පත්කර ගනී.
වසම් ආරක්ෂා කරගැනීමේ
චර්යා
ආහාර සොයා ගැනීම,විවේක
ගැනීම හා සිය ප්‍රජනන කර්තව්‍යය උදෙසා සත්වයෙක් තමා ජිවත් වන පරිසරයේම විශිෂ්ට
ස්ථානයක් තමා වෙනුවෙන්ම ,අන් අයගෙන් වෙන් කරගනී. මෙම වෙන්කර ගන්නා වූ පාරිසරික
ස්ථානයට වසම යැයි කියනු ලැබේ.
සත්වයෙක් වසමක් වෙන්කර
ගැනීම උදෙසා විවිධ උපක්‍රම භාවිත කරයි.උදාහරණයක් ලෙස බල්ලන් ස්වකිය වසම වෙන්කර
ගන්නේ වසම් සිමාවේ මුත්‍රාපහ කිරීම මගිනි. මෙම මුත්‍රවල ගන්ධය තුලින් තම තමන්ගේ
සිමාව හඳුනාගන්නා අතර වෙනත් සතුන් එතුලට ඇතුළු වීම බොහෝවිට වලකී.
කොටියන් වැනි සතුන් වසම
වෙන්කර ගනු ලබන්නේ මලපහ කිරීමෙනි. සමහර මුවන් විශේෂ සිය මුහුණේ ඇසට පහලින් වූ ග්‍රන්ථියකින්
නිපදවන ශ්‍රාවයන් වසම් සිමාවේ වූ ශාකවල තවරයි. පක්ෂීන් සිය වසම රැක ගන්නේ මේ
සියලුම ආකාරවලට වඩා වෙනස් ආකාරයකටය. එනම්, ඔවුන් සිය සිමාව තුළ සිට මිහිරි ගී නාද
කිරීමෙනි.
එමෙන්ම සමහර මත්ස්‍යයයෝද
වසම් චර්යා පෙන්නුම් කරයි. උදාහරණයක් ලෙස ගතහොත්
orechromis mossambicus (තිලාපියා)
හා Etroplus Suratensis (ඉරිකොරලියා) සිය ප්‍රජනක සමයේදී වසම් ආරක්ෂා කරයි. සමහර
සතුන්ගේ වසම් තුළ ප්‍රජනනය පමණක් සිදුවන අතර සමහර සතුන්ගේ වසම් තුළ පැටවුන්
රැකගැනීම, විවේකය ලැබීම, යනාදිය සිදුවේ. සමහර සතුන් සිය ජිවන ප්‍රවෘත්තිය පුරාම
වසමක් ආරක්ෂා කරන අතර, තවත් සමහර සතුන් වසම් චර්යාව දක්වනුයේ තාවකාලිකවය. එනමුත්
සිය ජිවන චක්‍රයේ වසම් ආරක්ෂා නොකරන සතුන්ද ඇත.
මව්පිය සතුන් දරුවන්
කෙරෙහි දක්වන චර්යාව
මෙයද පක්ෂීන් හා
ක්ෂීරපායින් අතර බහුලව දක්නට ලැබේ. කුරුළු කුඩුවක් තුළ සිටින සිය පැටවුන්ට ආහාර
රැගෙන එන මව්පිය සතුන් සිය පැටවුන්ට ආහාර කවති. එසේ කවනු ලබන්නේ පැටවූ සිය මුඛය
විවෘත කර මව්පිය සතුනට විද්‍යමාන කළ විටදීය. පැටවුන්ගේ මුඛය තුළ රත් වූ පැහැය නෙතට
හසුවන විට මව්පිය සතුන් උත්තේජනය වේ.
දරුවන් දෙමාපියන් වෙත
දක්වන චර්යා
මව්පිය පක්ෂීන් ආහාර
සොයාගෙන විත් කැදැල්ලට තට්ටු කළවිට කුඩා පැටවුන් ගෙල දිගුකර මුඛය විවෘත කර ශබ්ද
නගා කෑගසති. මව් බැල්ලිය වෙතින් ඈත් කරතැබූ කුඩා බලුපැටවකු මවුසතා සොයායන විට
ඔබමොබ සැරිසරා සිහින් ශබ්දයක් පිට කරයි.
රිද්මයානුකුල චර්යා
සමහර සතුන්ගේ චර්යා
රිද්මයනුකුලව ඉස්මතු වේ. මෙය එක සෛලික හා බහු සෛලික යන සතුන් වර්ග දෙක තුළම දක්නට
ලැබේ. සමහර සතුන් ප්‍රජනනය කරන්නේ කිසියම් නිශ්චිත කාලසීමාවක් තුලදී පමණි. සමහර
සතුන් සක්‍රිය වනුයේ රාත්‍රී කාලයේදී පමණි. එනම්, නිශාචාරය. දිනය උදාවනවාත් සමගම
අළුයම් කාලයේදී කුකුළෝ හැඬලීමට පටන් ගනිති. කපුටෝ
කෑගසමින් ආහාර සොයායති. අඳුර වැටීමත් සමග කැරපොත්තෝ සක්‍රිය වෙති. මෙවැනි
රිද්මයානුකූල චර්යා ජීවියාගේ ස්වකිය ජිවන ප්‍රවෘත්තිය පුරාම ඒකාකාරිව පවතී. මෙලෙස
රිද්මයානුකූල හැසිරීම් ජනිත වන්නේ දේහයේ අභ්‍යන්තර වෙනස්වීම් නිසාය. එලෙස අභ්‍යන්තර
වෙනස්වීම් ඇතිකරන උත්තේජන බොහෝවිට පරිසරයේ වූ ආලෝකය,ඍතුමය වෙනස්වීම්, ඉරහඳ,පෘතුවිය
යනාදියෙහි සාපේක්ෂ පිහිටීම් නිසා වියහැකිය. සතා තුළින්ම ජනිත වන්නාවූ ද, දෛනිකව
සිදුවන්නාවූ ද සක්‍රිය රිද්මයනුකුල චර්යාවන් Biological Clock හෙවත් ජෛව ඔරලෝසුවට
අනුව සිදුවේ.














