Total Pageviews

Monday, June 19, 2017

සත්ව ලෝකයේ අපුර්ව චර්යා



සතුන් පරිසරය හා මිහිපිට ජිවත් වනවිට දී විවිධ මාදිලියේ චර්යා පෙන්වයි. පහත දැක්වෙන්නේ එවැනි චර්යා කිහිපයකි.
  • ·         ආහාර ලබාගැනීමේ චර්යා
  • ·         ප්‍රජනනයේදී පෙන්වන චර්යා
  • ·         විලෝපියන් පලවා හැරීමේ චර්යා
  • ·         සමාජවාදී චර්යා

ආදී වශයෙනි.

ආහාර ලබාගැනීමේ දී පෙන්වන චර්යා
       උසස් වංශවල සතුන් මෙම චර්යා බොහෝවිට පෙන්වයි. විලෝපියන්,පක්ෂීන් අතර මෙම චර්යා දැකිය හැකිය. උදාහරණයක් ලෙස වනාන්තරවල වෙසෙන කොටියන් වැනි විලෝපියන්ගේ ප්‍රධාන ආහාරය වන්නේ වදුරන්ය. වදුරන් වෙසෙන වෘක්ෂ අසලට ගොස් එම ගස්යට මියගිය සතෙකු ලෙස ඔවුහු වැතිර සිටිති. එවිට වදුරු රැල මෙකී කොටියා මියගිය සතෙකු යැයි සිතා උගේ ඇග මතින් හෝ ඇත්තෙන් අත්තට පනිමින් විනෝද වෙති. අවස්ථාව ලද විට හෝ ඔවුන් බිමට වැටුණු විට කොටියා ඉතා පහසුවෙන් ගොඳුරගනී.
බොහෝ පක්ෂීන් ආහාර සොයනුයේ රංචු ලෙසය. රංචුවේ එක් පක්ෂියෙකු ආහාර ප්‍රභවයක් දුටුවිට ආහාර ප්‍රභවය කරා ඌ ගුවනේදී පහත වේ. එවිට, රෑනේ අනෙක් පක්ෂිහුද එකී පක්ෂියා අනුගමනය කරමින් ආහාර ප්‍රභවය දෙසට පහත වෙති. මොවුන් අතරින් කිහිප දෙනෙකු ආහාර අනුභව කරන අතරතුර අනෙක් පක්ෂීහු අවට විලෝපික සතුරන් විමසිල්ලෙන් බලා සිටිති.

ප්‍රජනනයේදී පෙන්නුම් කරන චර්යා

විවිධ සතුන් ප්‍රජනනයේ හෙවත් තම වර්ගයා බෝ කිරීමේ දී පෙන්නුම් කරන හැසිරීම් මේ යටතට ගැනේ. මෙම චර්යාවල විවිධත්වය ඉතා අධිකය. එක් එක් සත්ව විශේෂයට එකී හැසිරීම් ලාක්ෂණික වේ. මිනිසා හැරුණු විට පෘෂ්ෂින් අතරින් වැඩිම ප්‍රජනන චර්යා පෙන්නුම් කරනුයේ පක්ෂින්ය. 


සමහර සතුන් සංසර්ගයේ යෙදීමට ප්‍රථම පැය ගණනාවක් හෝ දින ගණනක් විශේෂිත හැසිරීම් රටා පෙන්වයි. එයට පෙම්කෙලි (courtship) යැයි කියනු ලැබේ. පෙම්කෙලියේ ප්‍රධාන පරමාර්ථය සංසේචනය තහවුරු කිරීමයි. එය එසේ වුවද පෙම්කෙලියේ අවසානය සංසර්ගය වියයුතු නැත. උදාහරණයක් ලෙස බොහෝ පක්ෂීන්ගේ ප්‍රජනන ඍතුවේදී දේහය ඉතාමත් වර්ණවත් වේ. එසේම මිහිරි ගී නාද කරයි.මෙය බොහෝවිට දක්නට ලැබෙන්නේ පිරිමි සතුන් තුළය.

ප්‍රජනන ඍතුවේදී පිරිමි ගෙම්බන් සිය ඝෝෂක මඩි ආධාරයෙන් ශබ්ද නගා ගැහැණු සතා වෙත තමා සිටින ඉසව්ව දක්වයි. එවිට ගැහැණු සතුන් එම පිරිමි සතුන් ඇති ස්ථාන කරා ගමන් කරති. එවිට ජලයේ දී පිරිමි සතා සිය මෛථුන උපාධාන ආධාරයෙන් ගැහැණු සතා බදාගනී. අනතුරුව පිරිමි සතා ශුක්‍රානුත් ගැහැණු සතා ඩිම්බත් එකම විට ජාලයට නිදහස් කරති.

තවද ප්‍රජනනයේ දී ගොනුස්සන්ගේ චර්යාව නිරීක්ෂණය කරන විට ඔවුන් ඉතා දිගු වේලාවක් පෙම්කෙලියේ යෙදී අවසානයේදී සංසර්ගයේ යෙදෙති. අනතුරුව ගැහැණු සතා විසින් පිරිමි සතා ගොදුරක් බවට පත්කර ගනී.

වසම් ආරක්ෂා කරගැනීමේ චර්යා

ආහාර සොයා ගැනීම,විවේක ගැනීම හා සිය ප්‍රජනන කර්තව්‍යය උදෙසා සත්වයෙක් තමා ජිවත් වන පරිසරයේම විශිෂ්ට ස්ථානයක් තමා වෙනුවෙන්ම ,අන් අයගෙන් වෙන් කරගනී. මෙම වෙන්කර ගන්නා වූ පාරිසරික ස්ථානයට වසම යැයි කියනු ලැබේ.

සත්වයෙක් වසමක් වෙන්කර ගැනීම උදෙසා විවිධ උපක්‍රම භාවිත කරයි.උදාහරණයක් ලෙස බල්ලන් ස්වකිය වසම වෙන්කර ගන්නේ වසම් සිමාවේ මුත්‍රාපහ කිරීම මගිනි. මෙම මුත්‍රවල ගන්ධය තුලින් තම තමන්ගේ සිමාව හඳුනාගන්නා අතර වෙනත් සතුන් එතුලට ඇතුළු වීම බොහෝවිට වලකී.

කොටියන් වැනි සතුන් වසම වෙන්කර ගනු ලබන්නේ මලපහ කිරීමෙනි. සමහර මුවන් විශේෂ සිය මුහුණේ ඇසට පහලින් වූ ග්‍රන්ථියකින් නිපදවන ශ්‍රාවයන් වසම් සිමාවේ වූ ශාකවල තවරයි. පක්ෂීන් සිය වසම රැක ගන්නේ මේ සියලුම ආකාරවලට වඩා වෙනස් ආකාරයකටය. එනම්, ඔවුන් සිය සිමාව තුළ සිට මිහිරි ගී නාද කිරීමෙනි.

එමෙන්ම සමහර මත්ස්‍යයයෝද වසම් චර්යා පෙන්නුම් කරයි. උදාහරණයක් ලෙස ගතහොත්  orechromis mossambicus  (තිලාපියා) හා Etroplus Suratensis (ඉරිකොරලියා) සිය ප්‍රජනක සමයේදී වසම් ආරක්ෂා කරයි. සමහර සතුන්ගේ වසම් තුළ ප්‍රජනනය පමණක් සිදුවන අතර සමහර සතුන්ගේ වසම් තුළ පැටවුන් රැකගැනීම, විවේකය ලැබීම, යනාදිය සිදුවේ. සමහර සතුන් සිය ජිවන ප්‍රවෘත්තිය පුරාම වසමක් ආරක්ෂා කරන අතර, තවත් සමහර සතුන් වසම් චර්යාව දක්වනුයේ තාවකාලිකවය. එනමුත් සිය ජිවන චක්‍රයේ වසම් ආරක්ෂා නොකරන සතුන්ද ඇත.

මව්පිය සතුන් දරුවන් කෙරෙහි දක්වන චර්යාව

මෙයද පක්ෂීන් හා ක්ෂීරපායින් අතර බහුලව දක්නට ලැබේ. කුරුළු කුඩුවක් තුළ සිටින සිය පැටවුන්ට ආහාර රැගෙන එන මව්පිය සතුන් සිය පැටවුන්ට ආහාර කවති. එසේ කවනු ලබන්නේ පැටවූ සිය මුඛය විවෘත කර මව්පිය සතුනට විද්‍යමාන කළ විටදීය. පැටවුන්ගේ මුඛය තුළ රත් වූ පැහැය නෙතට හසුවන විට මව්පිය සතුන් උත්තේජනය වේ.


දරුවන් දෙමාපියන් වෙත දක්වන චර්යා

මව්පිය පක්ෂීන් ආහාර සොයාගෙන විත් කැදැල්ලට තට්ටු කළවිට කුඩා පැටවුන් ගෙල දිගුකර මුඛය විවෘත කර ශබ්ද නගා කෑගසති. මව් බැල්ලිය වෙතින් ඈත් කරතැබූ කුඩා බලුපැටවකු මවුසතා සොයායන විට ඔබමොබ සැරිසරා  සිහින් ශබ්දයක් පිට කරයි.

රිද්මයානුකුල චර්යා

සමහර සතුන්ගේ චර්යා රිද්මයනුකුලව ඉස්මතු වේ. මෙය එක සෛලික හා බහු සෛලික යන සතුන් වර්ග දෙක තුළම දක්නට ලැබේ. සමහර සතුන් ප්‍රජනනය කරන්නේ කිසියම් නිශ්චිත කාලසීමාවක් තුලදී පමණි. සමහර සතුන් සක්‍රිය වනුයේ රාත්‍රී කාලයේදී පමණි. එනම්, නිශාචාරය. දිනය උදාවනවාත් සමගම අළුයම් කාලයේදී කුකුළෝ හැලීමට පටන් ගනිති. කපුටෝ කෑගසමින් ආහාර සොයායති. අඳුර වැටීමත් සමග කැරපොත්තෝ සක්‍රිය වෙති. මෙවැනි රිද්මයානුකූල චර්යා ජීවියාගේ ස්වකිය ජිවන ප්‍රවෘත්තිය පුරාම ඒකාකාරිව පවතී. මෙලෙස රිද්මයානුකූල හැසිරීම් ජනිත වන්නේ දේහයේ අභ්‍යන්තර වෙනස්වීම් නිසාය. එලෙස අභ්‍යන්තර වෙනස්වීම් ඇතිකරන උත්තේජන බොහෝවිට පරිසරයේ වූ ආලෝකය,ඍතුමය වෙනස්වීම්, ඉරහඳ,පෘතුවිය යනාදියෙහි සාපේක්ෂ පිහිටීම් නිසා වියහැකිය. සතා තුළින්ම ජනිත වන්නාවූ ද, දෛනිකව සිදුවන්නාවූ ද සක්‍රිය රිද්මයනුකුල චර්යාවන් Biological Clock හෙවත් ජෛව ඔරලෝසුවට අනුව සිදුවේ. 

පැරණි ශ්‍රී ලංකාවේ නීතිය සැකසීමට පාදක වූ නීති මුල



විද්‍යාවට අනුව (Jurisprudence) නීතියේ ප්‍රභවස්ථාණය ලෙස හඳුන්වන්නේ නීති මුලාශ්‍රයෝය.නීති මුලාශ්‍ර යන්නෙහි සරල අදහස නම් කිසියම් නීතිමය රීතියක් ඇතිවීමට හේතු වූ කිසියම් ප්‍රපංචයකි. නීති මුලාශ්‍ර නෛතික හා ඓතිහාසික වශයෙන් ද්විත්ව වේ. නෛතික මුලාශ්‍ර ලෙස නුතනයේදී හඳුන්වන්නේ නීතිය මගින්ම මුලාශ්‍ර ලෙස පිළිගනු ලබන දේ හෙවත් පුර්වනඩු තීන්දු,ව්‍යස්ථාපිත නීති, රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යනාදියයි. ඓතිහාසික නීති මුලාශ්‍ර යනු ආගම,සිරිත් විරිත් ආදියයි. පැරණි භාරතයේ පිළිගෙන තිබුණු නීති මුල හතරක් කෞටිල්‍ය අර්ථ ශාස්ත්‍රයේ සඳහන් වේ. එනම්,

   ධර්ම        චාරිත්‍ර     ව්‍යවහාර     රාජශාස්ත්‍ර  
යනුවෙනි.ධර්මය පමණක් නොව චාරිත්‍ර රැකීමද ජනතාව රජුගෙන් බලාපොරොත්තු විය. කිසියම් අවස්ථාවකදී රජු චාරිත්‍ර පසෙකලා ධර්මය මුල් කර යම් කටයුත්තක් කලේද ජනතාව ඊට එරෙහි විය. මහා විහාරික භික්ෂුන් පිළිබඳ උපන් සැකය හේතුවෙන් උන්වහන්සේලාට දන්දීම තහනම් කරමින් මහසෙන් රජු නීතියක් පැනවූ අවස්ථාවේදී රජුගේම ප්‍රබල ඇමතිවරයකු ඇතුළු මහජනයා ඊට එරෙහි විය. අවසානයේදී රජුට නීතිය නිශ්ප්‍රභ කරමින් මහජන මතයට ගරු කිරීමට සිදුවිය. 

ඉන්දියාවේ මෙන් නොව ලංකාවේ වඩාත් වැදගත් හා ප්‍රමුඛතාවය ලැබී ඇත්තේ රාජාඥාවට නොව ධර්ම හා චාරිත්‍ර යන දෙකොටසටයි. රජුට ස්වකිය බලය රදවාගත හැක්කේ රජු මහජන මතයට ගරු කරන්නේ නම් පමණි. රටේ නීතිය හා සම්බන්ධ තත්වයද එසේමය. මේ අනුව පුරාතන ලංකාවේ තිතියට පාදක වුයේ මුලික වශයෙන්ම චාරිත්‍ර හා ධර්මයයි.

පැරණි සිංහල නීතියට පාදක වූ නීති මුල පිළිබඳව කතා කරන බොහෝ විද්වතුන් අවධානය යොමුකර ඇත්තේ චාරිත්‍ර කෙරෙහි පමණි. මොවුන් එකී නීති මුල වර්ගීකරණය කර ඇත්තේද සිරිත් පදනම් කරගෙනය. පසු කාලීනව ලංකා සමාජයට විදේශීය බලපෑම් ඇති වන්නට පටන්ගත් තැන් පටන් වෙනත් ආගමික ලක්ෂණද ( විශේෂයෙන්ම හින්දු හා ශිව වැනි) චාරිත්‍ර හා වාරිත්‍ර නිත්‍ය කෙරෙහි බලපෑවේය.

 පැරණි ලංකාවේ නීතිය සකස් වීමට බලපෑ නීති පිළිබඳ අධ්‍යයනයක යෙදුනු ආචාර්ය M.C.S. ජයසේකර මහතා නීති මුල හතක පෙන්වා දෙනා අතර “ පුරාතන ලංකාවේ නීතිය හා අධිකරණය" ග්‍රන්ථයේ පී.මනම්පේරි මහතා නීති මුල හයක් දක්වා ඇත.

ශ්‍රී ලංකාවේ නීති ක්‍රම සකස් වීම කෙරෙහි භාරතීය නීති ක්‍රම හා සිරිත් විරිත් ද බලපෑවේය. උත්තර භාරතීය චාරිත්‍ර හා නීති ක්‍රමයන්හි අභාෂය මෙරටට ලැබුනේ මුලිකවම ශාක්‍ය,මෝරිය, හා ලම්භකරන යන ක්ෂත්‍රිය රජ දරුවන්ගෙනි. විටින් විට ලංකාවට පැමිණි මෙම පිරිස් මෙරට පාලකයෝ වුහ. ශ්‍රී ලංකාවේ ජලාශ්‍රිත ශිෂ්ටාචාරයේ මහා පරිමාණයේ වැව් නිර්මාණයේ  ආරම්භක පුරෝගාමියා වූ වසභ රජු ලම්භාකරන වංශිකයෙකි. සිංහලයේ පුද්ගලික නීතිය යටතේ විවාහක කාන්තාවන් සතු පුද්ගලික දේපල භුක්තිවිදීමේ නිදහස විකාශනය වී ඇත්තේ ශාක්‍ය මුලාශ්‍ර වලිනි. වර්තමානයේ පවා දක්නට ලැබෙන ඇවැස්ස සොහොයුරා හෝ සොහොයුරිය සමග විවාහ වීම හෙවත් ඇවැස්ස විවාහය මෙරට චාරිත්‍රවලට එක් වුයේ ශාක්‍ය චාරිත්‍ර වලිනි. මෙවැනි සිරිත් ලාංකාවට අනුගත වුවා පමණක් නොව නීති ක්‍රමයටද එක්විය. විවාහ නීතිය යටතේ විවාහය දේපල හිමිකාරිත්වය හා අනුප්‍රාප්තිය අයිතිය සම්බන්ධයෙන් වැදගත් වේ. එමෙන්ම මෙරටට පැමිණි ලම්භකරන හා ක්ෂත්‍රිය ධර්මවල අභාසය ලංකාවේ නීති ක්‍රමය නිර්මාණය වීමට බලපෑවේය.

පැරණි ලංකාවේ නීතිය සකස්වීමට දක්ෂිණ භාරතීය සිරිත් විරිත් හා සම්ප්‍රධයන්ද බලපෑවේය. දකුණු ඉන්දීය අභාසයට ලංකාව මුලිකවම ගොදුරු වුයේ විටින් විට එල්ල වූ චෝල, පාණ්ඩ  හා කාලිංග ආක්‍රමණ නිසාය. එමෙන්ම සිංහල නීති යටපත් කොට ද්‍රවිඩ නීති ක්‍රියාත්මක වීමටද ඉඩ තිබුණි. පළමුවෙනි විජයබාහු රජු සොළින්ගෙන් රටා මුදවාගෙන පිරිහෙමින් පැවතී අධිකරණ ක්‍රමය යළි නගාසිටුවා ඇත. බ්‍රිතාන්‍යයන් 19 වන සියවසේ මැද භාගයේ දී පමණ අහෝසි කරන තෙක් මෙරට පැවතී සිංහලයන්ගේ පුද්ගලික නීති ක්ෂේත්‍රයේ අංගයක් වූ බහු පුරුෂ සේවනය මෙරට ස්ථාපිත වුයේ දකුණු ඉන්දීය අභාසයේ ප්‍රතිඵලයක් වශයෙනි.
එමෙන්ම ලක්දිව නීතිය සකස් වීමට බලපෑ මුලයන් ලෙස බුදුදහම හැඳින්විය හැකිය. රටක නීතිය සකස් වීම කෙරෙහි ආගම ඍජුවම බලපාන නීති මුලයක් බව වර්තමානයේදී නීති විද්‍යාව තුළ ඊට දී ඇති වැදගත්කම තුලින් පසක් වේ. බුදුන් වහන්සේගේ ධර්මය සංවිධානාත්මක ආගමකි. විවිධ ජාති ,කුල හා ප්‍රදේශ වලට අයත් වුවෝ උන්වහන්සේගේ සංඝ සමාජය තුළ විය. මේ නිසා සංඝ නම් එකම ආයතනය තුළ විවිධතා ඇතිවීම වැලැක්වීමටත් එහි මනා පාලනයක් අරමුණු කර නීති පද්ධතියක් ඇති කළහ. ඒවා විනය නීති නම් විය. විනය නීති සම්පාදකයා වුයේ බුදුන්වහන්සේය.

බුදුසමයේ අභාසය නිසා අධිකරණ කටයුතු වලදී රජුට කිසියම් ප්‍රමාණයක බලපෑමක් කිරීමට පවා භික්ෂුන්ට හැකිවිය. ඇතැම් අවස්ථාවලදී යුක්තිය පසිදලීමේ කටයුතු සම්බන්ධව ගිහිපැවිදි දෙපක්ෂයේම විනිසුරුවන් ලෙස ක්‍රියාකළේ භික්ෂුන් වහන්සේලාය. භාතිකාභය රජු සමයේදී (ක්‍රි.ව. 22- ක්‍රි.ව.7) සිදු වූ එක්තරා සිදුවීමක් අරභයා දුන් තීන්දුව කෙරෙහි පැහැදුණු රජු ගොධගත්තතිස්ස තෙරුන් ගිහිපැවිදි දෙපක්ෂයේම ආරවුල් විසදීමට පත් කළේය.

බෞද්ධයකුගේ නිත්‍ය ශිලය පංච ශිලය බව බුදුරදුන් දේශනා කර ඇත. මේ නිසාම ප්‍රණගාතය හා තහනම් වෙළඳාම රටා තුළ නොකිරීමට බෞද්ධ රජවරු වග බලා ගත්හ. සතුන් නොමැරීම සම්බන්ධයෙන් වූ “ මාඝාතය” ආඥාව රජවරු කිහිපදෙනෙකු විසින්ම පනවා තිබුණි. ආමන්ඩගාමිණී අභය රජු( ක්‍රි.ව.633-ක්‍රි.ව.643) සතුන් නොනසනු පිණිස ආඥාවක්ද කෙරවිය. එමෙන්ම පස්වන අග්බෝ රජු( ක්‍රි.ව. 718-724) පොහෝ දිනවල මත්ස්‍ය මාංශ සුරා ආදී දේ ස්වකිය ඇතුළුනුවරට ගෙනඒම වැලැක්විය. ඇතැම් රජවරු වැව් වල මාළු ඇල්ලීමද තහනම් කොට පනවා තිබු බවට සෙල්ලිපි සාක්ෂි දරයි.

නීතිරීති පමණක් නොව දණ්ඩන සම්බන්ධයෙන්ද බුදුදහම බලපෑවේය. බුදුන්වහන්සේගේ විනය පිටකයෙහි සංඝයා අනුගමනය කළයුතු නීතිරීති සඳහන් කළ අතරම එකී නීති කැඩූවන්ට දියයුතු දඩුවම් ද සඳහන් කළේය. එකී දඩුවම් ශාරීරික නොවීය. එම දඩුවම් අතර පාරාජිකා යනුවෙන් බරපතල දඩුවම් සතරක් විය. මීට අමතරව සප්ත අධිකරණ යනුවෙන් ගැටුම් ඇතිකර ගැනීම වැනි වැරදි කළ භික්ෂුන්ට දෙනු ලබන දඩුවම් ක්‍රම හතක සඳහන් වේ. බුදුන්වහන්සේ අවිහිංසාවාදී දඩුවම් ක්‍රම රජවරුන්ගේ දණ්ඩන නියමයන් කෙරෙහිද බලපෑවේය. මේ නිසාම ඇතැම් රජවරු දැඩි දඩුවම් දීමටත්,තවකෙකු මුළුමනින්ම දඩුවම් දීමටත් මැලිවුහ. සිරිසඟබෝ රජු නිරවි පාලන ප්‍රතිපත්තියක් අනුගමනය කරන බෞද්ධ චක්‍රවර්ති රජෙකු සේ ක්‍රියා කරමින් මරණ දඩුවමට නියම වූ අපරාධකරුවන් නිදහස් කොට ඒ වෙනුවට මළමිනී ගෙනවිත් දවාලු බවත් මහාවංශයේ සඳහන් වේ.

පැරණි ලක්දිව නීතියට පාදක වූ නිතිමුල අතර පෙරසිරිත් හෙවත් පුර්ව චාරිත්‍ර ද වැදගත් විය. පාලියෙන් “ පුබ්බ චාරිත්‍ර” යනුවෙන් හැඳින්වෙන පෙරසිරිත් යනු පුර්වයේදී අනුගමනය කළ හා පසුකාලීනව ද භාවිතයට ගත් පෞරාණික ප්‍රතිපත්තින්ය. සිංහල ක්‍රමයට සිරිත් යනු යහපත් පැවැත්මයි. පැරණි ලක්දිව නීතියේ මුලික ලක්ෂණය වුයේ පෙර සිරිත් රැකීමය.රජවරුන්ගේ අනිවාර්ය යුතුකම් අතර පෙර සිරිත් රැකීම මුලික වූ බව “ වංස කතා" හා අභිලේඛන මුලාශ්‍ර වලින් පෙනේ. මහාචාර්ය විල්හෙලම් ගයිගර් දක්වන ආකාරයට “ ඉතාම හොඳින් ස්වකිය කාර්යභාර්ය හා වගකීම් ඉටුකිරීමට බැඳී සිටින රජු කිසිවිටෙකත් පැරණි සිරිත් හා සම්ප්‍රධායන් නොසලකා නොහරින්නේය. මහාවංශයට අනුව බොහෝ රජවරුන් පෙර සිරිත් හා සම්ප්‍රධායන් අනුගමනය කළ බවත්, එකී රජවරු ධාර්මික රජවරු ලෙසත් හඳුන්වා තිබේ.

රජු විසින් පෙරසිරිත් රැකීම ජනතාව පවා අපේක්ෂා කළ දෙයකි. පෙරසිරිත් කඩ කිරීම නිසා තුන්වන උදය රජු ජනතා අප්‍රසාදයටත් විරෝධයටත් ලක්විය. සාමාන්‍යයෙන් පෙරසිරිත් පෙරසිරිත් වලට බුදුසමය හා බැඳුනු සිරිත්, ප්‍රදේශික සිරිත්, විවිධ ජන කොටස්වල සිරිත් ආර්යයන්ගේ අභාසයද සිරිත් පමණක් නොව රාජආඥ ද ඇතුලත් විය. මේ ආකාරයට ලංකේය නීතිය බිහිවීමේ නිතිමුලාශ්‍ර හඳුනාගත හැකිය.

Sunday, June 18, 2017

කාන්තාරයේ වැලිකදුවල සටන්වදින ඉරාන නින්ජා සෙබලියෝ



ඉරාන වැලිකතරේ වැලිකඳු තරණය කරමින් ඒවා මත සිට එක්වරම සතුරන් දෙසට පැන සටනේ යෙදෙන්නට පුහුණුව ලබන සෙබලියන් 4000කින් යුතු විශේෂ බල ඇණියක් පිළිබඳ විදෙස් මාධ්‍ය වාර්තා පළකර තිබේ. නින්ජා බල ඇණියක් ලෙස පුහුණුව ලබන මොවුන් සැගව සිට සතුරන් දෙසට විත් ශබ්ද නොනගින අයුරෙන් සතුරාගේ ගෙල සිඳ දැමීමට තරම් සුවිශේෂී පුහුණුවකින් යුතු බවට පැවසේ.

1989 වර්ෂයේ ඉරානයේ ටෙහෙරාන් නුවරට සැතපුම් 25ක් දුරින් පිහිටි ජුග්හින් කදවුරේ මෙම භට කණ්ඩායම ප්‍රථමයෙන් පිහිටුවා ඇත. මොවුන් හඳුන්වන්නේ කුනොයිච් (Kunoichi) යන නාමයෙනි. මොවුන්ගේ පුහුණු උපදේශිකාව වන ෆාතිමා මවුවර් පවසා සිටින්නේ මෙම සෙබළියන්ගේ ශරීරය හා මනස සමබර කර ගනිමින් මෙම සටන් කලාව ප්‍රගුණ කිරීම සිදුකරන බවයි. එසේම ඔවුන්ට පුහුණු කරන ප්‍රධාන ඉගැන්වීම වන්නේ මානුෂවාදී කටයුතු කිරීම වන බවත් ඇය විදෙස් මාධ්‍යයට සඳහන් කළාය.

ප්‍රථමයෙන් තමන්ගේ ජිවිතයට ගරු කිරීමටත්, සන්සුන් මනසින් යුතුව කටයුතු කිරීමටත් ඔවුන්ව පුහුණු කෙරේ. මොවුනට ඉතා අනතුරුදායක අවි කිහිපයක්ම භාවිතයට ගනිමින් සටන් කරන ආකාරය පුහුණු කෙරේ.


මේ වනවිට මෙම නින්ජා බල ඇණියේ ඉරාන සෙබලියන් 24,000ක් පමණ සිටින බව වාර්තා වේ. මෙම නින්ජා සටන් ක්‍රම 1185 හා 1868 වර්ෂවල ජපන් යුධ සමයේ භාවිත කර ඇති අතර ෆාතිමා මවුවර් වැඩි දුරටත් පවසන්නේ තම සෙබලියන් සිවිල් ජීවිතයේදී කවරෙකුගේ පණ නැසීමට මෙම සටන් ක්‍රම භාවිතයට ගැනීමට නොපෙළඹෙන මට්ටමට ඉතාහොඳ විනයක් පුහුණුව තුළ ලබාඇති බවයි.
                                                                                  (උපුටා ගැනීමකි)

Sunday, June 11, 2017

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නවතම සොයාගැනීම්..............





1.   පවිත්‍රකරණ ලද ජලයෙන් අසාත්මිකතා අවධානමක්

පානිය ජලය පවිත්‍රකරණය සඳහා යොදාගන්නා රසායන ද්‍රව්‍යයන් හේතුකොට ගෙන අසාත්මිකතා හටගත හැකි බව ඇමරිකා පර්යේෂණයකින් හෙළි වී තිබේ. එනම්, සමහර අවස්ථාවලදී පුද්ගලයින් ලබාගන්නා ආහාර ශරීරගත වූ පසුව පානිය ජල පවිත්‍රකාරක සමඟ ක්‍රියාකිරීමෙන් ආහාර අසාත්මිකතා ඇතිවිය හැකි බවයි. ඔක්කාරය, පලුහට ගැනීම, කැසීම්, වමනය, හුස්ම ගැනීමේ අපහසුතාව, සුදුමැලි වීම, කරකැවිල්ල අසාත්මිකතාවයන්ගේ රෝග ලක්ෂණයන්ය.කෙසේ වුවුද නල ජාලය පානය  කිරීමට පෙර  ඒවා උණු කර නිවා පානය කිරීමෙන් මේ තත්ත්වය අවම කර ගත හැකිය. 


2.   අක්මා පිළිකා අවදානම අවම කරන රටකජු

රටකජු ආහාරයට ගැනීමෙන් අක්මා පිළිකා අවදානම අවම කරගත හැකි බව හෙළි වී තිබේ. ඒ එහි අඩංගු විටමින් E නිසාය. එම පර්යේෂණයෙන් හෙළි වී ඇත්තේ විටමින් E අඩංගු  රටකජු ආමන්ඩ් හා වියලි රටා කොට්ටන් ( ඇප්‍රීකොට් ) ආහාරයට ගැනීමෙන් මැදිවියේ හා මහලුවියේ පසුවන තැනැත්තන්ට  අක්මා පිළිකා වැළදීමේ අවදානම අවම කළ හැකි බවයි. මීට අමතරව විටමින් E අඩංගු එම ආහාර මගින් ඔවුන්ගේ හදවත් අකර්මන්‍ය වීමේ ඉඩකඩ හා අක්ෂි අබාධ හට ගැනීමේ ඉඩකඩ අවම කර ගත හැකි බව හෙළි වී තිබේ.
මේ බව සඳහන් වන්නේ අංගාසි හි ජාතික පිළිකා ආයතනය මගින් නිකුත් කරඇති වාර්ෂික ප්‍රකශනයේය.

3     මව්කිරිවල පිළිකා නසන ද්‍රව්‍යයක්

මව්කිරි වල අඩංගු විශේෂ ද්‍රව්‍යක් මගින් පිළිකා සෛල විනාශ කරන බවත් HAMLET යන කෙටි නාමයෙන් හඳුන්වන මේ ද්‍රව්‍ය සෑදී ඇත්තේ මව්කිරිවල අඩංගු ඇල්ෆා ලැක්ටිඇල්බියුමින් සහ ළදරුවන්ගේ අමාශයේ ඇති ඔලෙයික් අම්ලය සංයෝග වීමෙනි. මුත්‍රාශ පිළිකා විනාශ කිරීමේ ශක්තියක් මේ ද්‍රව්‍ය සතු බවත් විවිධ පිළිකා වර්ග 40 පමණ විනාශ කිරීමේ ශක්තියක් මේවා සතුබව රසායනාගාර පර්යේෂණ වලින් හෙළි වී තිබේ. මෙය සතු විශේෂත්වය නම් රස චිකිත්සාවේදී මෙන් මෙමගින් නිරෝගී සෛල විනාශ නොවීමය. හැම්ලේට් ද්‍රවණය මුත්‍රාශයේ පිළිකාවන්ගෙන් පෙලෙන රෝගීන් පිරිසකට නික්ෂේපනය කලවිට වේදනාකාරී අතුරු ප්‍රතිඵල රහිතව, පිළිකා සෛල විනාශ වූ බවත් පිළිකා සෛල විනාශ වූ ප්‍රමාණය දින පහක් තුළ අඩු වූ බවත් මහාචාර්ය රොජර් කාල්සන් පවසයි. මේ පිළිබඳ පර්යේෂණ පවත්වන විද්‍යාඥයන් පවසන්නේ තව වසර පහකින් පමණ වැඩිහිටියන් සඳහා පිළිකා ප්‍රතිකාරයක් ලෙස මෙය උපයෝගී කරගත හැකිවනු ඇත යනු ඔවුන්ගේ විශ්වාසයයි.

4.   මව්කිරි දීම මවුවරුන්ගේ සෞඛ්‍යයට හිතකරය.

මව්කිරි බිම දරුවන්ට බෙහෙවින් ගුණදායක මෙන්ම කිරිදීමෙන් මවුවරුන්ටද ඉමහත් සෙතක් සැලසෙන බව අලුත්ම පර්යේෂණ වලින් හෙළි වී තිබේ. කිරිදීමෙන් සිරුරේ තැන්පත් වන මේද ප්‍රමාණය අඩුවීම නිසා මවුවරුන්ට හෘදයාබාධ ,හදවත් රෝග හා අඝාත වැළදීමේ අවදානම අඩුවන බව අනාවරණය වී ඇත. දරුවන්ගේ ජධිර ආන්ත්‍රික, මුත්‍රා හා ශ්වසන පද්ධතියේ අසාදන අඩුවෙන අතර එමගින් පාචනය හා ඔවුන් හදිසියේ මියයාමේ අවධානම අඩු වන බවත්, මවුකිරි පනය කරන දරුවන්ගේ ජිවිතයේ පසු අවධියේදී තරබාරු බැවින්ද වලක්වන බව පෙනීගොස් තිබේ.
දරුවන් ලැබීමෙන් පසු අඩු වශයෙන් මාසයක්වත් මවුකිරි දෙනා මවුවරුන් දියවැඩියාව,අධි රුධිර පීඩනය හා කොලෙස්ට්‍රෝල්  තත්වයට පත්වීමේ අවදානම අඩු බවයි. සිය ජිවිත කාලය තුළ අඩු වශයෙන් වසර දෙකක්වත් මවුකිරි දී ඇති මවුවරුන්ට අධිරුධිර පීඩනය වැළදීමේ අවදානම 13%කින්ද, අධි කොලෙස්ට්‍රෝල් මට්ටම්වලින් යුක්ත වීමේ අවදානම 20% කින්ද අඩුවී ඇත.
මවුකිරි දීමෙන් කිරී නිපදවන ඔක්සිටොසින් නම් හෝමෝනය වර්ධනය කරනවා පමණක් නොව මවට වැඩි සන්සුන් හා ශාන්තභාවයක් ලබාගැනීමට හැකි බවද වෛද්‍යවරු පෙන්වාදේ. දරුවා බිහිවීමෙන් පසු මවගේ ගර්භාෂය හැකිලීමට සලස්වා ගැබ්ගැනීමට ප්‍රථම තිබු තත්වයට පත්කිරීමට  මවුකිරිදීම උපකාර වේ. මවුකිරි දීමෙන් හදවත් රෝග අඩු කරන්නේ සිරුරේ මේදය තැන්පත් වීම අඩුවීම නිසා පමණක් නොව, එමගින් හෝමෝන මුදාහැරිම උත්තේජනය කරන හෙයින් යැයි ද පර්යේෂණ වලින් හෙළි වී ඇත.

5.    අක්මාවට පමණට වඩා වද නොදෙන්න.

සිරුරේ ඉතා වැදගත් ඉන්ද්‍රියක් වන අක්මාව නිරෝගිව තබා ගැනීම සඳහා පහත පිළිවෙත් අනුගනය කරන මෙන් එංගලන්තයේ නිව්කාසල් වෛද්‍ය විද්‍යාලයේ අක්මා රෝග පිළිබඳ මහාචාර්ය ක්‍රිස්ටෝප ඩේ පවසයි.
  •   මත්පැන් පානය අක්මාවට අහිතකරය.
  •  ඔබගේ බර ගැන සැලකිලිමත් වන්න. උසට ගැළපෙන මහතක් තබාගැනීම, ඔලිව් තෙල් හෝ සංතෘප්ත මේදය ආහාරයට ගැනීම වැදගත්ය.
  • පලාවර්ග හැකිතරම් ආහාරයට ගන්න. අක්මාව සිසිල්ව හා පිරිසිදුව තබාගැනීමට එය උපාකාරී වේ.
  • ජලය පමණක් නොව ඕනෑම දියර වර්ගයක් අඩු වශයෙන් දිනකට විදුරු හයේ සිට අට දක්වා වන ප්‍රමාණයක් පානය කරන්න.
  • ප්‍රතිඔක්සිකාරක බෙහෙවින් අඩංගු විවිධ වර්ගයේ ආහාර වැඩිපුර ගන්න. ඒවාට විටමින් E , කොළ පාට එළවළු, කැරට්,දොඩම් කුලයට අයත් පලතුරු ආදිය ඇතුලත් විය යුතුය.   

Monday, June 5, 2017

සුදුලුනු ඖෂධයක්ද? කුළුබඩුවක්ද?

සුදුලුනු ඖෂධයක්ද? කුළුබඩුවක්ද?
සුදුලුනු සතු ඖෂධීය ගුණාංගයන් හේතුවෙන් බොහෝදෙනා එය කුළුබඩුවක් යැයි පිළිගැනීමටද මැලිකමක් දක්වයි. ඒ සුදුලුනු කුළුබඩුවක් යැයි පැවසුවහොත් එහි පවතින ඖෂධීය ගුණයට කරන අසාධාරණයක් යැයි සිතන නිසාවෙනි. සුදුලුනු අතීතයේ සිටම විවිධ රෝග නිවාරණය සඳහා ඖෂධයක් ලෙස භාවිත කළ බවට සාක්ෂ්‍ය හමුවේ. උදාහරණයක් ලෙස මානව ශිෂ්ටාචාරයේ ආරම්භයේ සිටම මිනිසා සුදුලුනු භාවිත කොට තිබේ.එනම්, දැනට ඉරානය හා ඉරාකය වශයෙන් අප හඳුනන යුප්‍රටීස් හා ටයිග්‍රීස් යන නම් වූ ගංගා අසබඩ පෙදෙස් මිනිස් ශිෂ්ටාචාරයේ ආරම්භය හා ඉතිහාසඥයන් සම්බන්ධ කරයි. ක්‍රි.පූ.3000 තරම් ඈත අතීතය කරා දිවෙන මැටි ඵලක කිහිපයක සුදුලුනු පිළිබඳ මුල් ම සටහන් සොයා ගෙන ඇත. ආහාරයක් සේ, තේ පැනයක් සේ සේ සුදුලුනු යොදාගෙන ඇති බව එහි සඳහන්ය. තවද , සිරුරට ප්‍රාණවත් ගතියක් ලබා ගැනීම සඳහා වයින් මුසුව ද උණ, පාචනය වැනි රෝග සඳහා ප්‍රතිකාරයක් වශයෙන්ද එකල සුදුලුනු භාවිත කළබව එම මැටි ඵලකවලින් සොයාගෙන ඇත. මීට අමතරව අවුරුදු 5000 තරම් පැරණි ඉන්දීය සංස්කෘතික ලේඛන රැසකත්, පැරණි ෆොරෝ (සමහරුන් පාරාවෝ) නමින් හඳුන්වන රජ දරුවන් දවස හා චීනයේ සම්ප්‍රධායික වෛද්‍ය ක්‍රමයන්හි ද සුදුලුනු ඖෂධයක් ලෙස භාවිත කළ බව සඳහන් වේ.
මේ ආකාරයට විවිධ කාලවලදී සුදුලුනු ඖෂධයක් ලෙස යොදා ගෙන ඇතිබව පෙන්වා දිය හැකිය. සුදු ලුණු වල කායික විද්‍යාත්මක බලපෑම් අධ්‍යයනය කිරීම සඳහා පසුගිය දශක කිහිපය තුළ විවිධ විද්‍යාඥයන් විසින් සතුන් හා මිනිසුන් යොදා පර්යේෂණ විශාල සංඛ්‍යාවක් සිදුකර ඇත. මේ වන විට සුදුලුනු වල කායික විද්‍යාත්මක ගතිගුණ පිළිබඳ පොදු  කරුණු රැසක් (එකගතාවකට පත්ව ඇත) ඉස්මතු වී තිබේ. සුදුලුනු මගින් ප්‍රදර්ශනය කෙරෙන එම කායික විද්‍යාත්මක බලපෑම් හා ඒවා පිළිබඳ විද්‍යාත්මක පසුබිම ආදිය පිළිබඳ කරුණු සමහරක් පහත දැක්වේ.

·         සුදුලුනු හා පිළිකා
 පිළිකාව මාරාන්තික, සංකීර්ණ රෝගයකි. එය සංකීර්ණ රෝගී තත්වයක් වන්නේ පිළිකා ප්‍රභේද ඒවායේ ස්වභාවය,වර්ධන වේගය,ඖෂධ වලට දක්වන්නාවූ සංවේදීතාවය රෝගියාගෙන් රෝගියාට වෙනස් බවක් ප්‍රදර්ශනය වීම නිසාවෙනි. ඈත අතීතයේ ද පිළිකා රෝගී තත්වයන් ගැන සඳහන් වුවද එය අද තරම් බහුලව ව්‍යාප්ත වූ එකක් නොවීය. ග්‍රීක වෛද්‍යවරයකු වූ හිපොක්‍රැටී මීට වසර 2000කත පෙර පිළිකාව සඳහා සුදුලුනු නිර්දේශ කරතිබේ. සුදුලුනු සතු පිළිකා නිවාරණ ශක්තිය ගැන ලොව පුරා මේවන විට සිදුකළ පර්යේෂණ වලින් හෙළි වී ඇත්තේ සුදුලුණු සතු පිලිකාඇතිවීම වැළක්වීමේ හැකියාවයි. අයෝවාහි ස්ත්‍රී සෞඛ්‍ය අධ්‍යයනය නම් වූ ප්‍රකට ඇමරිකානු අධ්‍යයනයද සුදුලුනු වල සුවිශේෂී වූ පිළිකා වැළක්වීමේ ශක්තිය තහවුරු කරයි. එමෙන්ම ආහාර මාර්ගයේ පිළිකා ඇතිවීම වැලක්වීමට ඇති එකම ආහාරය සුදුලුනු බවත්, නිතිපතා සුදුලුනු ආහාරයට ගැනීමෙන් ආහාර මාර්ගයේ පිළිකා ඇතිවීමේ අවධානම 35% කින්ද ගුද මාර්ගය පෙදෙසේ පිළිකා ඇතිවීම 50% කින්ද අඩුවන බවය. සුදුලුනු වල පවතින විවිධ සංඝටක පිළිකා වර්ධනය නිශේධනය කිරීම මෙයට හේතුවක් ලෙස පර්යේෂණ වලින් තහවුරු වී තිබේ.

·         සුදුලුනු හා ගර්භනි බව
ගර්භනී කාලය තුල ස්ත්‍රීන්ගේ රුධිර පීඩනයේ ඉහළ යාමක් සිදුවන අතර මුත්‍රා වල ප්‍රෝටීන ප්‍රමාණයේ ඉහළ යමක් ඇති වේ. මෙය වෛද්‍ය විද්‍යාඥයන් හඳුන්වන්නේ පුර්ව ගැබ් වලිප්පුව(pre-eclamsia) නමිනි. සුදුලුනු භාවිතයෙන් මෙම තත්වය බොහෝදුරට මග හරවා ගත හැකි බව පෙන්වා දේ. මේ නිසා අඩු බරැති දරුවන් බිහිකිරීමද( උපතේදී) වලක්වා ගත හැකි බවත්, දැරූ උපතේදී සිදුවන සංකුලතාවන අවම කරගැනීමටත් සුදුලුනු භාවිතය සුදුසුබව වෛද්‍ය වරුන්ගේ මතයයි.

සුදුලුනු හා සරුතාවය
සුදුලුනු ලිංගික උත්තේජනයක් සේ ක්‍රියාකරන බවත් දරුඵල නැතිව සිටි විවාහක යුවල කිහිපයකටම දරුඵල ලබා දීමට සමත් සිදුවීම් කිහිපයක් ගැනම පොත පතෙහි සඳහන් වේ.

·         සුදුලුනු සහ ලේ කැටිගැසීම
සුදුලුනු වලට රුධිරය කැටි ගැසීමට ඇති ප්‍රවනතාවය අඩු කිරීමේ හැකියාවක් පවතී. රුධිරයේ ඇති පට්ටිකා නම් සියුම් ව්‍යුහයන් රුධිරය සමග නිරතුරුව සිරුර පුරා සංසරණය වීමේදී යම් මැද හෝ අසාමාන්‍ය බාධකයක් රුධිරවාහිනී තුළ හමුවුවහොත් එහිදී ඒවා ඇලී කැටි ගැසීමේ සංකීර්ණ වූ ක්‍රියාවලියකට මුල පුරයි. මෙවැනි සියුම් කැටිති රුධිරවාහිනී හරහා සංසරණය වෙත් දී මොළය වැනි ඉන්ද්‍රියක් තුලදී ලොකු කැටිත්තක් බවට පත් වුවහොත් ස්ඵාරයක් ඇති වන්නට පුළුවන. හෘදය වස්තුව වැනි ඉන්ද්‍රියක් සම්බන්ධ නම් කිරීම ශ්‍යානියක් (coronary thrombosis) ඇති වන්නට පුළුවන. මේවා භයානක තත්වයන්ය. සුදුලුනු මගින් වන්නේ මේ කැටිති දියකර හැරීමේ රුධිරය සතු ශක්තිය වැඩි කිරීමය. 


ලේ කැටිති දියකිරීමේ සුදුලුනු සතු ශක්තිය පිළිබඳ මුලින්ම අදහස් ඉදිරිපත් වූ විට ඒ පිළිබද විද්‍යාත්මක පර්යේෂණ ගණනාවක් ලොවපුරා ආරම්භ කෙරිණි. උඩයිපුර්හි ආචාර්ය බෝඩියා හෘදරෝග 22ක් යොදාකරන පර්යේෂණයේ දී හෙළිවූයේ රුධිරයේලේ කැටිති දිය කිරීමේ හැකියාව 32%කින්, එක් මාත්‍රාවකින් ම වැඩි වූ බවය.
රුධිරය තුනීවීම කෙරෙහි සුදුලුනු අමුවෙන් ආහාරයට ගන්නවාද උයා ආහාරයට ගන්නවාද යන දෙකෙහි එතරම් වෙනසක් නැති බව පර්යේෂණ වාර්තා වලට අනුව පෙනේ. පපුවේ කැක්කුමක් ඇති වූ විට අපේ පැරැන්නන් මුලින්ම කළේ සුදුලුනු ටිකක් තම්බා බොන්නට දීමය. ඒ රුධිරය තුනී කිරීමේ හැකියාව සුදුලුනු සතුව පවතින නිසාවෙනි.
සුදුලුනු නිසා ඇතිවන තවත් බලපැමක නම් සයික්ලෝ ඔක්සිජනෙස් නමැති එන්සයිමය නිසා සෑදෙන ප්‍රෝස්ටග්ලැන්ඩින් E2 හා ප්‍රෝස්ටග්ලැන්ඩින් D2 නමැති සංයෝග සෑදීම නිශේධනය වීමයි. ප්‍රෝස්ටග්ලැන්ඩින් වූ කලී සිරුරේ ඉතා සුලබව පවත්නා සංයෝග ඛණ්ඩයක් වන අතර ඒවා රුධිර පීඩනය, ලවණ,ජාලය හා ප්‍රදාහය වැනි සාධක පාලනය කිරීමෙහිලා මුලික වේ.
යම් කෙනෙකු ශල්‍යකර්මයකට භාජනවිමට අපේක්ෂාවෙන් සිටින්නේ නම් එවැනි ඇය සුදුලුනු භාවිතයෙන් වැලකී සිටීම වැදගත්ය. ශල්‍යකර්මයකදී ලේ වහනය වීම නැවතීමට ලේ කැටි ගැසීම මනාව සිදුවිය යුතුය. සුදුලුනු ලේ කැටි ගැසීමට අහිතකර හෙයින් ශල්‍යකර්මයකදී එය අසාර්ථක වෙයි.

·         සුදුලුනු හා වයසට යාම
රෝග රැසක් කෙරෙහි සුදුලුනු විසින් ප්‍රදර්ශනය කරනු ලබන රෝග නිවාරණ ශක්තිය හැරුණු විට වයසට යෑම ප්‍රමාද කිරීමට ද සුදුලුනු වලට අපුරු හැකියාවක් ඇති බව මෑතකදී කරන ලද පර්යේෂණවලින් හෙළි වී තිබේ.වයසට යාම කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකයක් වන්නේ මුක්ත කාංඩ (free redicals)  මගින් සෛලවල, සෛල පටලයට හානි පැමිණවීමය. මුක්ත කාංඩ යනු සෛල පටල තුල අඩංගු මේද අණු මගින් දාම ප්‍රතික්‍රියාවන් හරහා හට ගන්නා අධික ලෙස ආරෝපිත අනු විශේෂයකි. අපේ සිරුරු තුල සාමාන්‍ය පරිවෘත්තිය ක්‍රියා වලදී මේ මුක්ත  කාංඩ හටගනී. තෙල් වර්ග යොදා පිළියෙළ කරනු ලබන (උයා) ආහාරවලද මේ මුක්ත කාංඩ බොහෝ අඩංගු වේ. අප වයසට යත්ම සිරුරේ ඇති මුක්ත කාංඩ ප්‍රමාණයද වැඩි වේ. විටමින් A,B හා E වැනි ප්‍රතිඔක්සිකාරකවිටමින් වර්ග ද සෙලනියම් වැනි මුල ද්‍රව්‍යද මුක්ත කාංඩ නිසා ඇතිවන හානියෙන් ආරක්ෂාවක් ලබාදෙයි.

සුදුලුනු වල මුක්ත කාංඩ විනාශ කරන ද්‍රව්‍ය අඩංගුය. සෙලනියම් එවැන්නකි.  සාමාන්‍යයෙන් අප ආහාරයට ගනු ලබන දෑ අතර සුදුලුනු ඉහලම සෙලනියම් ප්‍රමාණයක් අඩංගු වන ආහාරයකි. ඒ හැරුණු විට සුදුලුනු වල ඇති විවිධ රසායනික සංඝටක රැසක්ද ඇති බව විශ්වාස  කෙරේ.  එමෙන්ම වයසට යනවිට ඇතිවන මතක ශක්තිය පිරිහිමද සුදුලුනු නිසා අඩුවන බවද මීයන් යොදා කරන ලද පර්යේෂණවලින් හෙළි වී තිබේ.

·        සුදුලුනු හා ලෝහ විෂවීම
වර්තමානයේ අප දැනුවත්ව හෝ නොදැනුවත්ව විවිධ ලෝහ වර්ග වලට පත්‍ර වේ. සමහරක් සෞඛ්‍යට අහිතකරය. ඊයම්, මර්කරි හෙවත් රසදිය හා අසනික් මේ අතර ප්‍රධාන වේ. ශීඝ්‍රයෙන් ඉහළ යන පරිසර දුෂණය හේතුවෙන් විෂයි ලෝහ වලට පත්‍ර වීම හා ඒවා ශරීර ගතවීම වර්තමානයේ ඉහළ ගොස් ඇත. මේ නිසා විවිධ රෝගී තත්වයන් ඇති වේ. නිදසුනක් ලෙස ඊයම්, රුධිරානු වලට අහිතකර වන අතර මොළයේ සෛල වලට ද හානි පමුණුවයි. මේ නිසා විශේෂයෙන් කුඩා දරුවනට ඊයම් විෂවීම දැඩි බලපෑමක් ඇති කරයි.
ලෝහ විෂවීම සඳහා සුදුලුනු යොදාගත හැකි බව පර්යේෂකයන් ගණනාවක් පෙන්වා දේ. සුදුලුනු යුෂ වලට එහි බරෙහි දහයෙන් එකකට සමාන ඊයම් හෝ මර්කරි “හිරකර” (trap) තබා ගතහැකි බව ජපන් ජාතික මහාචාර්යවරයකු වන කිටහරා විසින් වාර්තා කොට ඇත. බල්ගේරියානු මහාචාර්ය පෙට්කෝව් ද පෙන්වා දී ඇත්තේ කම්හල් සේවකයන් අතර දක්නට ලැබෙන ඊයම් විෂ අඩු කිරීමට සුදුලුනු වලට කදිම හැකියාවක් පවතින බවයි.

Sunday, June 4, 2017

ආභරණ විලාසිතාවේ විසිවසක ගමන් මග






1990 දශකය

මෙම දශකයේදී ආභරණ තැනීමට වීදුරු ගල් වර්ග, තිරිවානා ගල් වර්ග හා වර්ණ ගැන්විය හැකි මාල වර්ග, බීඩ්ස් හා පබළු අත්පළදනා සඳහා භාවිතා විය. රිදී ආභරණ හා රිදී වර්ණයන්ගෙන් යුතු අනෙකුත් ලෝහ වර්ග ප්ලාස්ටික් භාවිතයට ගත් ද්‍රව්‍ය විය. මේ කාලයේදී ගෙලට හිර වූ වෝකර් මාල ජනප්‍රිය වූ අතර මෝස්තරයට අනුව වෙන්වූ වර්ණ භාවිතය දැකගත හැකිවිය. පිරිමි අභරණ විලාසිතා ලෙස මාල ගිවිස ගැනීමේ මුදු ආදිය පැලදීම ආරම්භ විය. මල් මෝස්‌තර මේ කාලයේ ජනප්‍රිය විය.


2000 දශකය


මෙම දශකයේ දී ගල් වර්ග භාවිත කිරීම දැකගත හැකිවිය. අරුමෝසම් දියමන්ති ලෙස හඳුන්වන පබළු මෙන් කෘතිමව නිර්මාණය කෙරෙන ගල් වර්ගයක් භාවිතය ආරම්භ විය. වටිනාකමින් ඉහල අභාරණ සඳහා දියමන්ති භාවිත විය. මේ කාලයේදී රිදී හා රත්‍රන් ප්ලාස්ටික් ලී වර්ග ප්ලැටිනම් ආදී ද්‍රව්‍ය  භාවිතයට ගත් ද්‍රව්‍ය අතර වේ. මෝස්‌තර රටා ලෙස විශාල රවුම් කරාබු, පොටවල් කිහිපයකින් යුතු චේන් මාල, කොක්ටේල් මුදු හා වෝකර් මාල යලිත් විලාසිතා අතරට පැමිණීම දැකගත හැකිය. පුද්ගලික කැමැත්ත මත අභරණ මෝස්‌තර නිර්මාණය විය. මෙම විලාසිතා  බිහිවීම සඳහා හිප්-පොප් සංගීත  ශෛලියේ බලපෑම,අප්‍රිකානු හා මැද පෙරදිග විලාසිතා වල බලපෑම හිප්-පොප් ශෛලියේ ගායිකාවන්ගේ විලාසිතාවල බලපෑම මත නිර්මාණය විය.



2010 දශකය

මේ කාලයේ අභරණ සඳහා යොදාගත් වර්ග ලෙස කෘතිමව වර්ණ ගැන් වූ ගල් වර්ග භාවිතය ආරම්භ විය. නිල් කැට, රතු කැට, අඹතෙස්ත, පුෂ්පරාග එයට නිදසුන් කිහිපයකි. භාවිතයට ගත් ද්‍රව්‍ය ලෙස ප්ලැටිනම් වඩාත් ජනප්‍රිය ලෝහය බවට පත්විය. විශේෂයෙන් මංගල මුදු නිර්මාණයට ප්ලැටිනම් භාවිත කරන්නට විය.  ආභරණ බහුල විය. විශාල මෝස්තරයේ ආභරණ, විවිධ මොස්තරවල බලපෑම,දීප්තිමත් වර්ණ භාවිතය මේ කාලයේ මෝස්‌තර රටා වල දැකිය හැකි ලක්ෂණයන්ය. මෙවැනි විලාසිතා බිහිවීමට මැණික් ගල් භාවිතය කැමැත්ත බවට පත්වීම හා නව අමුද්‍රව්‍ය වර්ග භාවිතයට ගැනීම ගත හැකිය.